නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනය අදයි

Published in පුවත්
Sunday, 03 November 2024 11:04

 2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

"2024 මහ මැතිවරණය සඳහා අදාළ වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු මේ දිනවල තැපැල් කාර්යාල පද්ධතිය හරහා සිදුවෙනවා. ඒ අනුව අද දිනයේ විශේෂ බෙදීම් දිනයක් ලෙස නම්කරලා තියෙනවා. උදෑසන 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා පමණක් බෙදාහැරීම සඳහා ලිපි බෙදීම් කාර්යාල 2,090ක සහයෝගීත්වයෙන් ලිපි බෙදීම් කාර්යමණ්ඩලය 8,000 යොදවලා තියෙනවා. ඊට අමතරව නොවැම්බර් මාසේ 07 වනදා දක්වාම නිවසින් නිවසට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුවෙනවා තැපැල් දෙපාර්තමේන්තුව මගින්. කිසියම් කෙනෙකුට 07 වනදායින් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබිලා නැතිනම් තමන්ට ලිපිබෙදන කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තමන්ට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අදාළ තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගැනීමේ හැකියාව තියෙනවා රාජකාරි වේලාව තුළදී."

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us