ඇමෙරිකන්‌ ජනාධිපතිවරණයේ අවසන් රැළි අද. හෙට ඡන්දය. Featured

Published in විදෙස්
Monday, 04 November 2024 11:10

ඇමෙරිකන්‌ ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ්‌ ට්‍රම්ප්‌ සහ වත්මන්‌ උප ජනාධිපතිනී කමලා හැරිස්‌ අතරේය.

ට්‍රම්ප්‌ රිපබ්ලිකන්‌ පක්ෂයෙන්‌ ද හැරිස්‌ ඩිමොක්‍රටික්‌ පක්ෂයෙන්‌ ද ජනාධිපතිවරණයට ඉදිරිපත්‌ වෙති.

ජනාධිපතිවරණයේ අවසන්‌ ජන රැළිවලට ට්‍රම්ප්‌ සහ හැරිස්‌ අද දිනයේ සහභාගී වනු ඇති බව ඇමෙරිකන්‌ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පූර්ව ජනමත සමීක්ෂණ අනුව දෙදෙනා අතරේ කරටකර තියුණු සටනක්‌ පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි.

'සමීපක්ෂණ අනුව, කමලා හැරිස්ට සියයට 48 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ද ට්‍රම්ප්ට සියයට 47 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ද හිමිවනු ඇතැයි පෙනී ගොස්‌ තිබේ. කිසිදු අපේක්ෂකයකු සියයට 50 සීමාව පසුකරන බවක්‌ පෙන්නුම්‌ නොකරයි.

ඇමෙරිකන්‌ ව්‍යවස්ථාව අනුව, එරට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, සිවු වසරකට වරක්‌, නොවැම්බර්‌ මාසයේ පළමු අඟහරුවාදා දිනයේය. මෙවර ජනාධිපතිවරණය හෙට (5) දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවය.

ඇමෙරිකානුවන්ට ඡන්දය දිනට පෙර, වේලාසනින්‌ ජනදය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වුණු බැවින්‌, ජනපද රැසක වැසියෝ මේ වනවිටත්‌ ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශ කර අවසන්‌ බව ද පැවැසෙයි. ඒ අතරේ ඇමෙරිකන්‌ ජනාධිපති ජෝ බයිඩන්‌ ද සිටී. බයිඩන්‌ සිය ඡන්දය ප්‍රකාශ කළේ පසුගිය සතියේය. ඒ මිනිත්තු 40] ක්‌ පමණ ඡන්ද පෝලිමක සිටිමිනි.

පූර්ව අනාවැකි පළ කළ නොහැකි, ජනාධිපතිවරණයේ අවසන්‌ ප්‍රතිඵලය තීන්දු කරන ජනපද කීපයකි. මෙය සෑම ජනාධිපතිවරණයකදීම දකින්න ලැබෙන සිදුවීමකි. එම ජනපදවල වැසියන්‌ කුමන අපේක්ෂකයාට ඡන්දය දෙනවාදැයි කල්‌ තියා ප්‍රකාශ කළ නොහැකිය. එසේ වුවත්‌ අනුමාන කරන ආකාරයට, නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද ඩොනල්ඩ්‌ ට්‍රම්ප්‌ වාසිදායක
මට්ටමක්‌ පෙන්නුම්‌ කරන අතර. මිචිගන්‌, විස්කොන්සින්‌ වැනි ජනපද කමලා හැරිස්ට වාසි දායක තත්ත්වයක්‌ පෙන්නුම්‌ කරයි.

අනුමාන කරන පරිදිම නෙවාඩා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපද තමන්‌ සතු කර ගැනීමට ට්‍රම්ප්ට හැකි වුවහොත්‌ ඔහුට යළිත්‌ වරක්‌ ජනාධිපති ධුරයට පත්වීමට හැකියාවක්‌ ලැබෙනු ඇතැයි ද පැවැසෙයි.

දැනට කමලා හැරිස්‌ සතුව පවතින මිචිගන්‌ ජනපදය ඩැහැ ගැනීමට ද ට්‍රම්ප්‌ මේ වනවිට විශාල සටනක යෙදී සිටින බව ඇමෙරිකන්‌ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ට්‍රම්ප්‌ මෙන්ම කමලා හැරිස්‌ මාතෘකා කීපයක්‌ යටතේ තම ඡන්ද සටන පවත්වයි. එයින්‌ ප්‍රධාන මාතෘකාවක්‌ වන්නේ ඇමෙරිකන්‌ ආර්ථිකයයි. ගෝලීය ස්ථාවරභාවය සහ ඇමෙරිකාවේ භූමිකාව ද වැදගත්‌ මාතෘකාවකි. සංක්‍රමණික ගැටලුව ද ට්‍රම්ප්‌ සහ හැරිස්ගේ අවධානයට යොමු වී ඇත.

-p.m

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us