යුකේනයේ හමුදා සහ කැරලිනරුවන් අතර ගැටුම් නතර කිරීමට වැඩ පිළිවෙලක් සූදානම් කරමින් සිටින බව එරට ජනාධීපති පේත්රෝ පෝරෝෂෙන්කෝ පවසයි. 

දිවයිනට පැමිණ  සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ මෙරටට ගැළපෙන ලෙස ඔසරියෙන් හැඩ වැඩ වුහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරන සිසුන් අද (28) දිනයේ සංකේත පංති වර්ජනයක නිරත වන බව එම විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය පවසයි. 

ලොව වේගවත්ම මිනිසා ලෙසින් සැලකෙන කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට්‌ ක‍්‍රිකට්‌ තරගයකට සහභාගිවීම සඳහා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

ලෝකයේ අති දුර්ලභම පක්ෂියා යැයි සැළකෙන මැඩගස්කර් පෝචර්ඩ් නමැති තාරාවර්ගයේ පැටවුන් ඉපදී  සති දෙක තුනකින් පසු මිය යන බව විද්‍යාඥයෝ කියති. ඔවුන්ට වාසස්ථාන සඳහා සුදුසු තෙත් බිම් නොමැති වීම එයට හේතුවයි.
ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කෙරෙමින් පවතින පසුගිය සතිය තුළ ප‍්‍රචණ්ඩත්වය ඉතා බරපතළ ලෙස ඉහළ ගොස් ඇතැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
නව පරපුරේ කවියකු වන ප්‍රසාද් වීරසිංහගේ නවතම පද්‍ය නිර්මාණ එකතුව 'කවියක් බිමින් තබමි' දොරට වැඩීමේ උළෙල 2014 අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් "කවියක් බිමින් තබා මහමෙරක් උසුලා සිටීම" යන මැයෙන්ද, කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා විසින් "නව කවිය හා විචාරය" යන තේමාවෙන්ද ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.
රාජගිරියල ඔබේසේකරපුර පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරියෙකුගේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ගම්වාසීන් පැමිණිලි කර අැත. පසුව මෙම පැමිණිල්ල සිදු කළ ගම්වාසීන් පිරිසට පහරදීමක් සිදු වී තිබේ.
ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙවන වටයේ සාකච්ජා හෙට දිනයේ නවදිල්ලි හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

අයිස් බකට් අභියෝගයට මුහුණ දීමටපෙර මිනිස්සුන්ට වතුර දීම වටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

Connet With Us