මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා එන්න එන්නම ඉහළ යනවා

Published in පුවත්
Thursday, 28 August 2014 10:41
ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කෙරෙමින් පවතින පසුගිය සතිය තුළ ප‍්‍රචණ්ඩත්වය ඉතා බරපතළ ලෙස ඉහළ ගොස් ඇතැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
 නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පවසා සිටී. 
 
අදාල නිවේදනය 
 
පසුගිය ඉරිදා රාත‍්‍රියේ ආරම්භ වූ ප‍්‍රචණ්ඩ රැල්ල දින ගණනාවක් පුරා අඛණ්ඩව පැතිර යමින් තිබේ. මෙම තත්වය විශේෂයෙන් දැකිය හැකි වන්නේ මොණරාගල දිස්ත‍්‍රික්කය තුළය. දින දෙකක් තුළ මොණරාගල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ කාර්යාල 13කට, ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල 4කට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කාර්යාලයකට ප‍්‍රහාර එල්ල වී තිබේ. 
 
කාර්යාල කඩා දැමීමකට අමතරව රැස්වීම් වේදිකා ගිනි තැබීම, කටවුට් සහ සැරසිලි කඩා දැමීම, අපේක්‍ෂකයන්ට සහ අධාර කරුවන්ට මරණ තර්ජන සිදු කිරීම වැනි විවිධාකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා දියත් වී තිබේ. අවස්ථා කිහිපයකදී වෙඩි තැබීම් පවා වාර්තා වී ඇති අතර ප‍්‍රචණ්ඩකාරී කටයුතු වල නිරත වන්නන් විසින් ගිනි අවි භාවිතා කිරීම මෙහි ප‍්‍රධානතම ලක්‍ෂණයකි. ආයුධ සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයන්ට පෙළඹීමේ අවධානම පිළිබඳව අන් දේශපාලන බලවේගයන්ට චෝදනා එල්ල කරමින් ජාතික ආරක්‍ෂාව නමින් ජනතාවගේ අවම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පවා උදුරා ගන්නා ආණ්ඩුව මේවැනි ක‍්‍රියාකාරීත්වයක නිරත වීම අවධානයට ගතයුතු කරුණකි.
 
මෙම සිදුවීම් විසින් නැවතත් පෙන්වා දෙමින් තිබෙනුයේ මැතිවරණ යනු ජනතාවගේ මතය ස්වේච්ඡාවෙන් ප‍්‍රකාශ කෙරෙන අවස්ථාවක් නොව මතවාදී බලහත්කාරය යොදුවනු ලබන අවස්ථාවක් බවය. ශාරීරික වශයෙන් දියත් වන ප‍්‍රචණ්ඩත්වය මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදීද කැපී පෙනෙන අතර. ඒ පිළිබඳව බොහෝ දෙනා සාකච්ඡා කරයි. එහෙත් මූල්‍ය බලය, මාධ්‍ය බලය, ඡන්ද දායකයන්ට අල්ලස් ලබා දීම හා විවිධාකාර අසත්‍ය ප‍්‍රචාර හරහා සිදු කරනු ලබන දෘෂ්ඨිමය බලහත්කාරය අවදානයට ලක් වී ඇත්තේ අඩුවෙනි.
 
 ජනතාවගේ සැබැ මතය පිළිබඳව නිවැරදි අවබෝදයක් ගැනීමට පමණක් නොව කවර හෝ මතයක් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලබා ගැනීම සඳහා පවා මෙම දේශපාලන ක‍්‍රමයේම බරපතල වෙනසක් අවශ්‍ය වී තිබෙන බව පැහැදිලි වෙමින් පවතී. මැතිවරණයේදී ඡන්ද දායකයන්ට එරෙහිව සහ වෙනත් මත දරණ්නන්ට එරෙහිව දියත් කෙරෙන ප‍්‍රචණ්ඩත්වය නතර කරන ලෙස ආණ්ඩුවට බල කර සිටින අපි වත්මන් ප්‍රෝඩාකාරී මැතිවරණ වෙනුවට ජනතාවගේ සැබෑ මතය නියෝජනය වන මැතිවරණ ක‍්‍රියාවලියක් සහිත නව දේශපාලන ක‍්‍රියාවලියක් ගොඩනැගීමට පෙරට එන ලෙසද භෞතික බලහත් කාරයට මෙන්ම දෘෂ්ඨිමය ප‍්‍රචණ්ඩත්වයටද එරෙහිව සටන් වදින ලෙසද සමස්ත ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us