බෝල්ට් යුවරාජ්ගෙන් ගේම ඉල්ලයි!

Published in පුවත්
Thursday, 28 August 2014 11:42

ලොව වේගවත්ම මිනිසා ලෙසින් සැලකෙන කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට්‌ ක‍්‍රිකට්‌ තරගයකට සහභාගිවීම සඳහා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය ක‍්‍රිකට්‌ කණ්‌ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක යුවරාඡ් සිං සහ උසේන් බෝල්ට්‌ අතර පැවැත්වෙනු ඇතැයි කියන මෙම ක‍්‍රිකට්‌ තරගය ලබන සැප්තැම්බර් මස 02 වැනිදා පැවැත්වෙනු ඇතැයි විදෙස්‌ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

අවසන් වුණු පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට පත්වූ යුවරාඡ් සිං ට අභියෝග කරමින් පැවැත්වෙනු ඇතැයි සඳහන් මෙම තරගය Bolt and Yuvi - Battle of the Legends යනුවෙන් නම් කර ඇත.

කෙසේ වෙතත් මෙම තරගය කුමන ආකාරයෙන් පැවැත්වෙන්නේද යන්න මෙතෙක්‌ කිසිදු සඳහනක්‌ නොතිබීම විශේෂත්වයකි.

මීටර 100 සහ 200 ඉසව්වල ලෝක වාර්තා සමගින් ඔලිම්පික්‌ රන් පදක්‌කම් 6 ක්‌ දිනා සිටින උසේන් බෝල්ට්‌ ලබන 2016 වසරේදී බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ඔලිම්පික්‌ තරගාවලියෙන් පසු මලල ක‍්‍රීඩාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන අතර, පසුව ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී වේග පන්දුයවන්නකු ලෙස එක්‌වීමට කැමැත්තෙන් පසුවන බව මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us