පේරේ සියළුම පීඨ පංති වර්ජනය කරයි

Published in පුවත්
Thursday, 28 August 2014 11:48
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරන සිසුන් අද (28) දිනයේ සංකේත පංති වර්ජනයක නිරත වන බව එම විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය පවසයි. 
 පසුගියදා  සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත අරුණ ශාන්ත මහතා පෙන්වා දෙයි.
 
ගලහ මංසන්ධිය අසළ අනවසර ඉදිකිරීමක් සිදුකළ බව පවසමින් මෙලෙස  සිසුන් පස්දෙනෙකු ලබන 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය. 
 
 කළමනාකරණ පීඨයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් සිසුන් මෙලෙස පසුගිය 21 වැනිදා සිට ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති. 
 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පිහිටුවීමට අවශ්‍ය සියලු කටයුතු අවසන් වී ඇති බවත්, දැනට සිසුන් සිටින අට්ටාල ගලවා ඉවත්කරන තෙක් ගැසට් නිවේදනයට අත්සන් නොකරන බවත්ය. 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us