මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් අද (28)දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේය.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි,ධීවර අමාත්‍යංශයේ උපදේශක එස් .සුබසිංහ,ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ලාල් ද සිල්වා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු ඊට ඇතුළත් වේ.
එම සාකච්ජාව සදහා ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය කෘෂිකර්ම, විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ වල නියෝජිතයින් සහභාගි වීමට නියමතය.