'ජවිපෙ අපේ කාර්යාලවලට ගැහුවා' -ඇමති සුසිල්

Published in පුවත්
Thursday, 28 August 2014 09:24

ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් තම පක්ෂයේ කාර්යාලයකට පහර දීමෙන් පසුගිය සදුදා බඩල්කුඹුර ප්‍රදේශයේ සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූ බව පවසන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, පළමු සිදුවීම සිදුවූ අවස්ථාවේදීම පොලිසිය ක්‍රියාත්මකවී තිබුනා නම් අනිකුත් සිදුවීම් වළක්වා ගැනීමට හැකියාවක් තිබු බව පවසයි. 

 පොලිසිය නිසියාකාරයෙන් මැදිහත්වී කටයුතු කර තිබුනා නම් මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පසුගිය සදුදා රාත්‍රියේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමට හැකිව තිබූ බව ද අමාත්‍යවරයා කියා සිටියි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ  (බදාදා) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමිනි.


පොලිසිය


"ඔවුන් එහිදී අපේ කාර්යාලයට පහර දීලා වාහන 2කට අලාභ හානි කර තිබෙනවා, තුවාලකරුවන් රෝහලට රැගෙන යාමටද පැයක පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ඒ කලහකාරී පිරිස තවදුරටත් මාර්ගයේ රැඳී සිටීම නිසා හා පොලිසිය ඒ අවස්ථාවේ කිසිදු පියවරක් නොගත් නිසා. අපිට තිබෙන වාර්තා අනුව පොලිසිය ක්ෂණිකව ඒ අවස්ථාවේදීම පියවරක් ගත්තා නම් ඒ කාර්යාලයට පහරදීම සම්බන්ධයෙන් ඉන් එහාට සිදුවන සිද්ධීන් සිදු වෙන්නේ නැහැ." අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

සන්ධානයේ කාර්යාලයට පහර දීමෙන් පසු ගම්වාසීන් විසින් ඒ අසළ පැවැත්වීමට තිබු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැස්වීමක සිටි පිරිසක් සමග තවදුරටත් ආරවුලක් ඇති කර ගෙන ඇති බව අමාත්‍යවරයා කීය. 


'අපේ අය නෙමෙයි'


මොනරාගල දිස්ත්‍රික්කය තුළ වාර්තා වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ගේ කිසිඳු මැදිහත්වීමක් නොමැති බවට වාර්තා වී ඇතැයි පවසන අමාත්‍යවරයා, කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකට හෝ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකට සන්ධාන ආධාරකරුවන්ට මැදිහත් නොවන ලෙස එම ප්‍රදේශ භාර මැති ඇමතිවරුන් දැනුවත් කර ඇති බවද පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසුවත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ සිය රුස්වීම සඳහා සැරසිලි සිදු කරන විට වේදිකාව තැනීම නවතා දමන ලෙස තර්ජනය කිරීමත් සමග මෙම ගැටුම ආරම්භවුනු බවයි.

මුල් සිද්ධියෙන් පසු ආයුධ සන්නද්ධව ඩිෆෙන්ඩර් රථ හතරකින් පැමිණි කණ්ඩායමක් එහි සැරසිලි සිදු කරමින් සිටි කණ්ඩායමට වෙඩි තැබූ බවද කැෆේ සංවිධානය පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us