'ජවිපෙ මැරවරණයට සුදානම් ලු ! (වීඩියෝ)

Published in පුවත්
Thursday, 28 August 2014 09:17

අපේක්ෂකයන්ට පහරදීලා, වේදිකා කඩලා, කාර්යාලවලට වෙඩි තියලා, තර්ජනය කරලා රාජපක්ෂවරු සුදානම්  වන්නේ මැතිවරණයකට නොව මැරවරණයකට නම්,  තම පක්ෂය ඊට සුදානම්  බවත් මේක ජනතා විමුක්ති පෙරමුණ බව රාජපක්ෂවරු මතක තබාගත යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (26) බඩල්කුඹුර නගරයේ පැවැති රැළියකට සහභාගි වෙමිනි. 


'වොයිස්කට්'  මැකො :

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා, අද මේ රාජපක්ෂවරු තම බලය රැක ගැනිම වෙනුවෙන් ඕනෑම මැර ක්‍රියාවකට සූදානම්ව සිටින බවත් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ මැතිවරණ කොමසාරිස්වරයා ගුවන් විදුලියට රූපවාහිනියට අරක මේක කියමින් තම කාර්ය භාරය පසෙක තබා 'වොයිස්කට්' පමණක් දෙන කොමසාරිස්වරයෙක් බවට පත්ව ඇති බවත් සදහන් කර සිටියේය. 


ඔහුට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කියූ විට ඔහු ඒ පිළිබද අධිකරණයට යන්නැයි කියන බවත් ඒ සදහා මැතිවරණ කොමසාරිස්වරයෙක් අවශ්‍ය නොවන බවත් සදහන් කර සිටියේය.


පෙත්තප්පු :


එසේම මේ පොලිස් නිලධාරීන්ද සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවී සිටියත් කරේ ගසාගෙන ඉන්න තරුවේ ඉනේ බැදගෙන ඉන්න පටියේ ඇදගෙන ඉන්න නිළ ඇදුමේ ගෞරවය නිකම්ම නිකන් බත් බැලයන් ඉදිරියේ කෙලසන්න සිදුවී ඇති බවත් පොලීසියේ ගෞරවය ආරක්ෂා කරන්න බැරි බවත් සාධාරණ මැතිවරණයක් තියන්න පොලීසියේ කාර්ය කරන්න නොහැකි නම් එය පොලිස් පතිවරයා විසින් කිව යුතු බවත් එසේ නොකොට පොලිස්යේ සිටින ගෝඨාභය රාජපක්ෂ කියන දේ හැර වෙන දෙයක් නොකියන පෙත්තප්පු විසින් එය නොකිය යුතු බවත් මහජන සාමයත් පොලීසියේ ගෞරවයත් ආරක්ෂා කර දීමට ජවිපෙ සූදානම් බවද සදහන් කර සිටියේය.


රාජපක්ෂවරුන්ට මේ තිබෙන්නේ බලය අතහැර යාමේ ගැටලුවක් බවත් මොවුන් බලය අතහැර ගෙදර ගොස් සිටීමට නොහැකි බවත් අනුර දිසානායක මහතා පැවසිය.


 බැසිල් ඇමරිකාවේ තෙල් ගහන්න යන්නද


රාජපක්ෂ පවුලට එසේ කළ නොහැකි බවත් ඔවුන් ගෙදර යන්නේ නම් ඇමරිකාවේ කොම්පියුටර් ඔපරේටර්වරයෙකු වශයෙන් ටයිප් කරන්න යන්නද බැසිල් ඇමරිකාවේ තෙල් ගහන්න යන්නද යන ගැටලුවේ සිටින බවත් මොවුන් කිසිවෙකු සාමාන්‍ය පෙළ හෝ සමත්ව නැති ලංකාවේ විශ්වවිද්‍යාලයට පවා යාමට සුදුසු නැති අය වන බවත් ඔවුන් ඒ නිසා බලය අතහැර යාමට අකැමැති බවත් නමුත් ලෝකයේ මෙවැනි පාලකයන් සිටි බවත් ඔවුන් මහජන බලය හමුවේ ගෙදර ගිය බවත් සදහන් කර සිටියේය.


(ජවිපෙ නායකවරයා බඩල්කුඹුරේ දී දැක්වූ අදහස් සම්පූර්ණයෙන් ශ්‍රවණය කිරීමට පහත වීඩියෝව නරඹන්න)

 

Last modified on Thursday, 28 August 2014 09:24

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us