මාධ්‍යය, තිලිණි 'යළිත් දූෂණය කළා'

Published in පුවත්
Thursday, 28 August 2014 09:10

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි අමල්කා තරුණිය 'යළි යළිත් දූෂණය කළ' බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයෝ පවසති.

ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ චමිලා තුෂාරි ඒ බව කියා සිටියේ පසුගියදා තමන්ට සරදම් කළ තරුණයෙකුට වාරියපොළදී පහරදීම සම්බන්ධයෙන් තිලිණි අමල්කා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමිනි.

තිලිණි අමල්කා, නිරන්තර හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන ලාංකීය කාන්තාව වෙනුවෙන් පෙනී සිටි දිරිය දියණියක් බව ඇය අවධාරණය කරන්නීය.

'ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න'

"මේක අලුත් පිබිදීමක්. මෙච්චර කල් නීතියේ රැකවරණය කාන්තාවට ලැබුනේ නෑ," යනුවෙන්ද චමිලා තුෂාරි සංදේශයට කියා සිටියාය.

"මේ තරුණිය ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න. දැන් පොලිසියේ ඇස් අරුණ මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල."



'පැපරාසි වාර්තාකරණය'


ශ්‍රී ලංකාවේ කාන්තාවන් නිරන්තර ප්‍රචණ්ඩත්වයට, හිංසනයට සහ ලිංගික දූෂණයට ලක්වන බව සැබෑවක් නමුත් නීතිය සියතට ගැනීමට කිසිවෙකුට හෝ අයිතියක් තිබේදැයි යන්න සංදේශය  මතු කළ ප්‍රශ්නයක්.

එහෙත් හිංසනයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන ක්‍රමයක් ඇති කළේ ලාංකීය සමාජය විසින්ම බවයි, ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ ක්‍රියාධාරිනිය පවසන්නේ.

"අද මාස පහේ දරුවාගේ ඉඳල අවුරුදු 85 මැහැල්ල දක්වා දූෂණය කරනවා. අද පොලිසියේදීත් ඇය රස්තියාදු කෙරුණා. නැවත නැවතත් ඇය දූෂණයට ලක්වෙනවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

තමන්ට අතවර කළ තරුණයාට වාරියපොලදී පහරදීම ජනමාධ්‍ය වාර්තා කළ අන්දම දැඩි විවේචනයට ලක් කළ ඇය එය විග්‍රහ කළේ 'පැපරාසි ක්‍රමයේ වැරදි ප්‍රචාරයක්' ලෙසිනි.

කෙසේ නමුත් එම පහරදීම සාධාරණීකරණය කිරීම සිය උත්සාහය නොවන බව චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියාය.

අත්අඩංගුවට ගැනුණු තිලිණි බදාදා සවස් යාමයේ නිදහස් කොට තිබෙන බවද ඇය හමුවීම සඳහා වාරියපොළට ගොස් එමින් සිටින අතරවාරයේ අදහස් දැක්වූ ක්‍රියාධාරිනිය කියා සිටියාය.


(බිබිසි සංදේශය)

Last modified on Thursday, 28 August 2014 09:17

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us