නගරසභා ලේකම්වරියගේ ස්ථාන මාරුවට රතිඤ්ඤා දල්වයි

Published in පුවත්
Wednesday, 27 August 2014 15:26
හලාවත නගර සභා ලේකම්වරියගේ ස්ථාන මාරුව පිළිබදව සතුට පල කරමින් නගරසභා පරිශ්‍රයේ රතිඤ්ඤා පත්තු කිරීමට නාගරික මන්ත්‍රීවරුන්‌ගේ විරෝධය පල කළහ.
 අද( 27) පැවති හලාවත නගරසභා මාසික සභා රැස්වීමේදී මෙසේ  විරෝධය පල වූ අතර මේ ක්‍රියාව සදාචාරසම්පන්න නොවන බවත් රතිඤ්ඤා පත්තු කළ පුද්ගලයින් කවුද යන්න හෙළි කරන ලෙසත් මෙහිදී නගරසභා සභාපතිවරයාගෙන් මන්ත්‍රීවරු ඉල්ලා තිබේ. අද පෙරවරුවේ මාසික සභා රැස්වීමට ප්‍රථම මෙම රතිඤ්ඤා පත්තු කිරීම සිදු කර ඇත.
 
මෙහිදී හලාවත නගර සභාවේ හිටපු ලේකම් ශාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇඬූ කදුළින් සිය දුක්ගැනවිල්ල නාගරික මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කර ඇත.
 
හලාවත හිටපු ලේකම්වරියට ස්ථාන මාරුව ලබා දී ඇත්තේ වෙන්නප්පුවට වුවත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා මෙතෙක් එතැනින් මාරුවී නොයාම හේතුවෙන් ශාන්ති ප්‍රනාන්දු මහත්මිය වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ බාහිර ලේඛනයේ අත්සන් තබා ස්ථිර රාජකාරියක් නොමැතිව සිටි.
 
මේ ස්ථාන මාරුව පසුපස නාගරික මන්ත්‍රීවරයෙකු සිටින බවද වාර්තාවේ.
 
(හිරු නිවුස්)

 

Last modified on Wednesday, 27 August 2014 15:46

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us