දෙවියන්ගේ මිනිසුන් වෙනුවට කාදිනල්වරුන් සහ පූජකවරු බලයෙන් මත්වී සිහින ලෝකයේ ජීවත්වන බව ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව  මහා පරිමාණයේ මඩ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්  කාර්යාලය සූදානම් වන බව දැන ගැනීමට තිබේ.  විශේෂයෙන්ම  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ජීවිතය හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිත අල්ලා  අභූත පුවත් ‍රැසක් ප්‍රචාරය කිරීමට මේ වන විටත් සූදානම් වෙමින් තිබේ. 

අද අපි භාවිතා කරන බොහෝ නව නිර්මාණයන් බිහි කරන්න දායක උන නව නිපැයුම්කරුවන් ආරම්භයේදී අසාර්ථක වීම් පරාජය වීම් දුක් කරදර මැද තමයි තමන්ගෙ නිර්මාණය බිහිකරලා තියෙන්නෙ.

මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ කොලොන්නාව සංවිධායක එස්.එම්. මරික්කාර් මහතාගේ කාර්යාලයට වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තාවේ.

මුස්ලිම් ජනතාවගේ පල්ලි කඩල දාල, ව්‍යාපාරික ස්ථාන ගිනි තියල බොදුබල සේනාව කියල සංවිධානයක් හදාගෙන ජාතිවාදය අවුස්සමින් මහින්ද රාජපක්ෂ දැන් කියනවා කලගුණ සළකන්නලු. මෙලෙස තාඩන පීඩන කිරීමට මුස්ලිම් ජනතාව මොකක්ද කරපු වැරැද්ද. කුමක්ද යනුවෙන් කොළඹ නගරාධිපති ඒ .ජේ .එම් මුසම්මිල් මහතා ප්‍රශ්න කර සිටී.

අපි උතුරෙ යුද්ධෙනුත් බැට කෑව. එත් අපි ප්‍රභාකරන් එක්ක එකතු උනේ නෑ. මුස්ලිම් ජනතාවත් ප්‍රභාකරන් එක්ක එකතු උනනානම් ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා. අද හැමෝම මෛත්‍රී මැතිතුමා වෙනුවෙන් එකතු වෙලා ඉවරයි. යනුවෙන්ද ඒ මහතා පවසා සිටී.

බොදු බල සේනා සංවිධානය  විසින් අතුරලියේ රතන හිමි වැඩ වසන බො‍රැල්ල, සදහම් සෙවන විහාරස්ථානය වටලෑමට සූදානම් වන බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි. 

තිස්ස අත්තනායක මහතා මෛත‍්‍රීපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහ අත්සන් කළා යැයි කියා ව්‍යාජ අත්සන සහිත කූඨ ලේඛනයක් ඉදිරිපත් කොට ඇති බවත් .
එය ජනාධිපති මැතිවරණ පනතේ 83 වන වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග‍්‍රහයෙන් 452 වගන්තිය යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බවත්
නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප පළාත් සභා මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් නිර්මාණය කොට තිබූ මඩ පෝස්ටර් තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම විදේශ ගතව තිබේ.

රාත්‍රී 12.40ට පමණ ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ සිංගප්පූරුවට බව පැවසේ.

ලාංකේය කලාගැබ දීප්තිමත් කෙරුමට පෑයූ තාරකාවන් අතුරින් එදා මෙදා තුර සිය දායකත්වයන් එළිදැක්‌වූ අග්‍රගණයේ රංගවේදිනියන් කිහිප දෙනා අතර ඇයට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. එදා... 1978 සැප්තැම්බර් මස 01 වැනිදා සිංහල සිනමා රිදී තිරය මත දිගහැරුණු ඡේ. සෙල්වරත්නම් අධ්‍යක්‍ෂණය කළ කේ. ගුණරත්නම් නිෂ්පාදනය කළ "අප්සරා" සිනමා සිත්තමට රංගන දායකත්වය එක්‌ කරමින් සිනමාවට දායාද වූ මේ සොඳුරු යෞවනිය සැබැවින්ම "අප්සරාවකට" නොදෙවැනි රූප සොබාවකින් යුක්‌ත වූවාය.

Connet With Us