ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක්‌ ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක්‌ නැවත විකාශනය කිරීම වළක්‌වන වාරණ නියෝගයක්‌ දෙරණ, ශ්‍රී ලංකා රූපවාහිනිය, හිරු සහ ස්‌වර්ණවාහිනිය යන විද්යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක්‌ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ප්‍රතික්‍ෂේප කළාය.

බොදු බල සේනා සංවිධානය මෙම සතිය තුලදී යළිත් වතාවක් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව කැරළි ගැසීමේ සූදානමක පසුවන බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා දෙන්නේ කවර පාර්ශ්වයකටද යන්න ගැන අද දින නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අද පෙරවරු 10.00ට් පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි කෙරෙනු ඇත.

ජාතික හෙළ උරුමය හා විවාදයකට එන්නැයි කළ ආරාධනාව පිළිගත් උදය ගම්මන්පිල මහතා දැන් එය මග හරින්නේ ජාතික හෙළ උරුමය ඉදිරියේ ඔහුගේ නිරුවත හෙළිවේ යෑයි බියට පත්වී සිටින නිසා බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

දඹුල්ලේ අද(29) පැවැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියේ දී දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියතිලක සහ නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ මහත්වරු පොදු අපේක්ෂකට සහාය දැක්වීම සඳහා විපක්ෂයට එක්වූහ.

නිලන්ත ඉලංගමුව

ඔහුගේ ආස්ථානය ඔහු පැහැදිලි කළේය. ඒ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ සිරස රූපවාහිනය මඟින් විකාශය කෙරෙන සටන නමැති දේශපාලන වැඩසටහන ඔස්සේය.

එවකට එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ ජනසංනිවේදන අංශයේ ප්‍රධානියෙකු ලෙස මහඟු කාර්යයක් ඉටු කළ මොහාන් සමරනායක මහතා පසුව තම දේශපාලන මතවාදය අනුව යමින් තම වෘත්තිය ජීවිතය වෙනස් කළේය. සැබවින්ම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති බරපතළ අභන්තර ගැටලුවල ගොදුරක් බවට පත් වූ හෙතම රටේ සමස්ථ පදනමේ ඇති බිඳ වැටීම ගැන මනා අවබෝධයක් ඇති අයෙකු ලෙස හැඳින්වීමේ වරදක් නැත.

 

සමාජය හා සම්මතය විසින් මිනිසුන්ගේ ස්වාභාවික ලිංගික හැසිරීම් හා ක්‍රියාකාරකම් මැදින් ගසා තිබූ සීමාවන් 1960 කාලය මැද භාගයේදී බටහිර රටවල කෙමෙන් වෙනස් වන්නට වුණා. අදරය, සම්බන්ධකම්, විවාහය, ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී තිබුනු සමාජමය සීමාවන් ප්‍රශ්න කිරීම 1960 දී විශ්වවිද්‍යාල හා තරුණ කණ්ඩායම් අතරින් ආරම්භ වුණා.

පසුගියදා විපක්ෂයට එක වන බව කියමින් විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ මහින්ද රාජපක්ෂට සහය පළ කළ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වාව, ඒ සඳහා මෙහෙයවා ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ලංකා ඩේලි වෙබ් අඩවිය වගකීමකින් යුක්තව හෙළිදරව් කරමු.

අතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය බොහෝ විට මුහුදු පතුලේ විය හැකි බව ඉන්දුනීසියානු සෝදිසි මෙහෙයුම් බලධාරීහු පවසති.

Connet With Us