ජනාධිපතිවරණයේ සහය කාටද? කුමකටද? ටීඑන්ඒ අද කියයි

Published in පුවත්
Tuesday, 30 December 2014 07:22

එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා දෙන්නේ කවර පාර්ශ්වයකටද යන්න ගැන අද දින නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අද පෙරවරු 10.00ට් පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි කෙරෙනු ඇත.

කෙසේ නමුත් පසුගිය සති කිහිපය තුළ දෙමළ ජාතික සන්ධානය, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන දෙපාර්ශ්වය සමඟ සාකච්ඡා පැවැත් වීය. රාජපක්ෂ මහතාට සහය ලබා දීම සඳහා විදෙස් ගත එල්ටීටීඊ ඩයස්පෝරාවද ඊට මැදිහත්ව සිටි බව වාර්තා විය. මේ සම්බන්ධයෙන් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට අභියෝග කරමින් පැවැසුවේ අමෙරිකාවේදී ජනාධිපතිවරයා එල්ටීටීඊ ඩයස්පෝරා සාමාජිකයන් හමුවූ බවත් හැකිනම් එය බොරුවන් බව පවසන ලෙසය. ඒහෙත් මේ දක්වා ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මුනිවත රකී.

කෙසේ නමුත් විපක්ෂ ආරංචි මාර්ග පවසන්නේ දෙමළ ජාතික සන්ධනයේ සහය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවනු ඇති බවය. විධායක ජනාධිපතිධුරය අහෝසිකර යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම දෙමළ ජාතික සන්ධානයේද ප්‍රමුඛ දෙශපාලන වුවමනාවක් බව ඔවුන් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us