බොදුබල සේනාව, යළි මුස්ලිම්වරුන්ට එරෙහිව කැරලිගැසීමේ සූදානමක්

Published in පුවත්
Tuesday, 30 December 2014 07:41

බොදු බල සේනා සංවිධානය මෙම සතිය තුලදී යළිත් වතාවක් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව කැරළි ගැසීමේ සූදානමක පසුවන බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි.

මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් ඇතැයි ද ඒ හෙළි කරන ලෙසද ඉල්ලමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට මේ අනුව සූදානම් වේ. එය ප්‍රචණ්ඩ ආකාරයෙන් පවත්වා විපක්ෂයට එරෙහිව සිංහල බෞද්ධ වර්ගවාදය  ඇවිස්සීම මෙහි අරමුණ වේ.


නැගෙනහිර පළාතේ වෙනම පරිපාලන ඒකකයක්‌ සහ තවත් කරුණු රැසක්‌ සම්බන්ධයෙන් රවුෆ් හකීම් හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් එළැඹ ඇති ගිවිසුම වහා රටට හෙළි කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර ඊයේ (29 ) මාධ්‍ය හමුවකදී පැවැසීය. ඔවුන් එසේ නොකළහොත් ඊට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිය සංවිධානය කටයුතු කරන බවත් කියා සිටියහ.

මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා දේශපාලන ගණිකාවක්‌ බවත් ඔහු පිල් මාරු කරනුයේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් පමණක්‌ බවත් ඥනසාර වැඩිදුරටත් පැවැසුවේය.

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සම්බන්ධයෙන් හකීම මහතා පැවැසූවේ පවතින ප්‍රවණතාව අනුව සිරිසේන මහතාට සහය ලබා දෙන බවත් එහෙත් නැගෙන හිර පළාත් සභාව තවදුරටත් සන්ධාන ආණ්ඩුව හා පවත්වාගෙන යන බවත්ය.

කෙසේ නමුත් බොදු බල සේනා සංවිධානය යනු පුද්ගලයන් හත් අට දෙනෙකු පමණක් සිටින සංවිධානයක් වන අතර ඔවුන්ගේ කටයුතු සඳහා පිරිස බලය සැපැයෙන්නේ රාජපක්ෂවරුන්ගේ මැදිහත්වීමෙන් බවද පසුගියදා හෙළි විය. මේ සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන්ද යොදවනු ලැබ තිබිණි. අලුත්ගම ප්‍රහාරයන් සිදු කර තිබුණේ මෙලෙස සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයන් බවටද බරපතල චෝදනාවක් එල්ල වී තිබිණි.

Last modified on Tuesday, 30 December 2014 07:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us