මෛත්‍රීගේ පරණ කතා විකාශයට අධිකරණයෙන් තල්ලුවක්

Published in පුවත්
Tuesday, 30 December 2014 07:56

ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක්‌ ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක්‌ නැවත විකාශනය කිරීම වළක්‌වන වාරණ නියෝගයක්‌ දෙරණ, ශ්‍රී ලංකා රූපවාහිනිය, හිරු සහ ස්‌වර්ණවාහිනිය යන විද්යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක්‌ කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ප්‍රතික්‍ෂේප කළාය.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම මාධ්‍ය ආයතන 4 ට එරෙහිව පැවරූ නඩුවකින් කළ එම අතුරු ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට විනිසුරුවරිය තීරණය කළේ දෙපාර්ශ්වයේම නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

සිරිසේන මහතා සිය පැමිණිල්ලෙන් කියා සිටියේ තමා 2009 වසරේදී යුධ ජයග්‍රහණය සමඟ හා ශ්‍රිලනීපයේ ලේකම්වරයා ලෙස පැවැත්වූ එම කතාව මේ ජනාධිපති මැතිවරණයේදී තමාට එරෙහිව ප්‍රචාරක අවියක්‌ ලෙස යොදා ගැනීම හා නැවත විකාශනය කිරීම ජනාධිපති අපේක්‍ෂකයන් විසින් පිළිපැදිය යුතු බවට මැතිවරණ කොමසාරිස්‌ නිකුත් කළ උපදෙස්‌ උල්ලංඝනය කිරීමක්‌ බවයි.

සිරිසේන මහතා කළ කතාව රාජ්‍ය නාලිකාවල වැඩසටහන් ලෙසත් අනෙකුත් නාලිකා ඔස්‌සේ මුදල් ගෙවා පළ කළ දැන්වීමක්‌ ලෙසත් විකාශනය කෙරෙයි.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ අලිසබ්රි ක්‌වේරා ද සොයිසා ඇතුළු නීතිඥවරු පිරිසක්‌ විත්ති පක්‍ෂයට පෙනී සිටියහ.

මෙම නඩුව ජනවාරි 05 වැනිදා යළි කැඳවීමට ද නියම කෙරිණි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ජනවාරී 08 වනදා වන අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු 05 වනදා රාත්‍රී 12න් පසු තහනම්ය. මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් ඉක්මන් හා සදාචාර සම්පන්න  විනිශ්චයක් අධිකරණය ලබා දිය යුතු වුවත් ඒ පමාකිරීම වාසි වන්නේ අවනීතියටය.අයුක්තියටය.අසාධාරණයටය.

Last modified on Tuesday, 30 December 2014 07:59

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us