පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24 ක් විපක්ෂයට ඇවිත්. ආණ්ඩුවට 2 යි.

Published in පුවත්
Tuesday, 30 December 2014 09:51
පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 162ක් සමඟ තුනෙන් දෙකක බලයක් තිබුණු ආණ්ඩුවට මේ වන විට එම බලය අහිමි වී මන්ත්‍රි ධුර සංඛ්‍යාව 140 දක්වා අඩු වී තිබේ. ආණ්ඩුවේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 24 දෙනකු විපක්ෂයට එක් වී ඇති අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනකු ආණ්ඩුවට එක්ව තිබේ.
 
ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබීමට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 150ක් අවශ්‍යය.
 
පෙරේදා (28දා) දිනය වන විට මෛත්‍රිපාල සිරිසේන, රාජිත සේනාරත්න, චම්පික රණවක, දුමින්ද දිසානායක, නවීන් දිසානායක, රවුෆ් හකිම්, රිෂාඩ් බදියුදීන්, බසීර් සේගු දාවුඩ් යන කැබිනට් අමාත්‍යවරු 8 දෙනකුද එම්.කේ.ඒ.ඩී. එස්. ගුණවර්ධන, පලනි දිගම්බරම්, පී. රාධාක්‍රිෂ්ණන් යන නියෝජ්‍ය අමාත්‍යවරු 3 දෙනකුද වසන්ත සේනානායක, හුනයිස් ෆාරුක්, අමීර් අලී, රජීව් විජේසිංහ, පී. රාජතුරෙයි, අතුරලියේ රතන හිමි, හසන් අලී, ෂෆීක් රාජාබ්දීන්, එම්.එම්.එම්. හාරිස්, ෆයිසල් කාසිම්, එම්.එස්.එම්. අස්ලම්, එම්. බී. ෆාරුක්, එම්.එස්. තවුෆික් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 13 දෙනකු ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය ලබා දී ඇත. තිස්ස අත්තනායක සහ ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විපක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට සහාය දීමට එක්ව සිටිති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us