හෙද වර්ජනය රට පුරා ක්‍රියාත්මකයි

Published in පුවත්
Tuesday, 30 December 2014 10:31
දිවයින පුරා රෝහල් වල අතුරු හා පරිපූරක වෛද්‍ය සේවාවන්ට අයත්  සේවකයින්  අද (30) උදෑසන 7 සිට එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි. 
රජයේ රෝහල්වල සේවය කරන සියළුම වෛද්‍යවරුන්ගේ දීමනාවක් රුපියල් 40000 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය 18 දින චක්‍රලේඛයක්  නිකුත් කර ඇති බවත් එවැනිම චක්‍රලේකයක් හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කණ්ඩායම් සඳහාද නිකුත් කරන ලෙස හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේය.
 
භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයාට පසුගිය 26 වෙනිදා විශේෂ ලිපියකින් දන්වා ඇත්තේ හෙදියන්ගේ අතිකාල දීමනාවන් පැයකට රුපියල් 50 කින්ද අනතුරු දීමනාව රුපියල් 750 කින් වැඩිකරන ලෙසය.
 
එමෙන්ම පරිපූරක හා අනතුරු වෛද්‍ය සේවාවන්ගේ දීමනාවන් රුපියල් 10000 කින් ඉහළ නංවන ලෙස ඉල්ලීම් කළද තවමත් එය සාකච්ඡා මට්ටමෙන් මෙහා යමක් සිදු නොවූ බවද ඔහු පෙන්වා දෙයි.
 
කෙසේ නමුත් මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු මුළුමනින්ම බිද වැටුණද ආපදා තත්වයන් පවතින ප්‍රදේශවල රාජකාරිය සඳහා අත්සන් නොකර සිවිල් ඇඳුම් වලින් සැරසී සියල්ලන්ම සේවය කිරීමට කටයුතු කරන බවද ඔහු පෙන්වා දෙයි.
 
එමෙන්ම කාසල් ශික්ෂණ රෝහල, සොයිසා කාන්තා රෝහල රෝහල, රිජ්වේ ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල වැඩ වර්ජනයට අයත් නොවන බවද ඔහු පවසා සිටියේය.
 
මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන්ට ඖෂධ  නිකුත් කිරීම , එක්ස් කිරණ පරික්ෂණ , වෘත්තීය චිකිත්සක හා භෞතික චිකිත්සක , රසායනාාර පරීක්ෂක, මහජන සෞඛ්‍ය  පරීක්ෂකයන්, දන්ත චිකිත්සක පරීක්ෂක ඇතුළු සේවාවන් 17 කටයුතු අඩපණ වන  බවද  පැවසේ.  

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us