අතුරුදන් වූ යානය මුහුදු පතුලේ

Published in විදෙස්
Monday, 29 December 2014 17:16

අතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය බොහෝ විට මුහුදු පතුලේ විය හැකි බව ඉන්දුනීසියානු සෝදිසි මෙහෙයුම් බලධාරීහු පවසති.

පාලක මැදිරිය සමඟ ගුවන් යානයේ සබඳතා ගිලිහී ගිය මොහොතේ යානයේ පිහිටීම පදනම් කර ගනිමින් ඉහත කී උපකල්පනයට පැමිණ තිබේ.

මුහුදු පතුල ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික පහසුකම් තමන් සතුව නොමැති බවත් වෙනත් රටවලින් සහාය පැතීමට අදහස් කරන බවත් ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

සෝදිසි මෙහෙයුම් සඳහා මේ වන විට ඉන්දුනීසියානු ගුවන් යානා අටක් සහ රටවල් කිහිපයක නෞකා යොදවා තිබේ.

මගීන් එකසිය හැට දෙදෙනෙකු සමඟ ඉරිදා අතුරුදහන් වූ QZ8501 ඉන්දුනීසියානු ගුවන් යානය සොයා තවමත් සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන නමුත් මේ වන තෙක් කිසිදු හෝඩුවාවක් හෝ සලකුණක් ලැබී නැත.

එයාර් බස් A320-200 වර්ගයේ යානය අතුරුදහන් වූයේ ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබියදී යි.

plane

plane1

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us