දෙහිවල මන්ත්‍රී කෝලම ගෝඨාගේ වැඩක් ! තවත් ජවනිකාවක් ළඟදීම !!

Published in පුවත්
Monday, 29 December 2014 17:33

පසුගියදා විපක්ෂයට එක වන බව කියමින් විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ මහින්ද රාජපක්ෂට සහය පළ කළ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වාව, ඒ සඳහා මෙහෙයවා ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ලංකා ඩේලි වෙබ් අඩවිය වගකීමකින් යුක්තව හෙළිදරව් කරමු.

පසුගිය 16 වන දින එජාප මන්ත්‍රී සුජීව සේනාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාව සහභාගී වීම මහින්ද රාජපක්ෂට සහයෝගය පල කිරීමත් ඊට පෙර හිටපු පලාත් සභා මන්ත්‍රී නීතිඥ කීර්ති උඩවත්ත මහතා හමුවී තමා විසින් මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළ යුත්තේ කුමක්ද යන්න ඔහු ලවා ලියාවා ගැනීම රහසේ වීඩියෝ ගත කිරීමත් ගෝඨාභය රාජපක්ෂ ගේ උපදෙස් මත සිදුව තිබේ.

මේ වන විට ගෝඨාභය රජපක්ෂ විසින් මෙම නාගරික මන්ත්‍රීවරයාට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ හා සිවිල් පුද්ගලයන් දෙදෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබේ. මෙම සිවිල් පුද්ගලයන් දෙදෙනා නම ගිය මැරයන් දෙදෙනෙකි.

එමෙන්ම ඉදිරිදින කිහිපයේදී මෙම නාගරික මන්ත්‍රීවරයා ලවා තවත් මාධ්‍ය සන්දර්ශනයක් පැවැත්වීමටද සූදානම් වෙමින් තිබෙන බවත් දැන ගැනීමට ඇත. එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් තමන්ට ආරක්ෂාව සඳහා පිස්තෝලයක් ලබාදුන් බව පෙන්වා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනය මෙයැයි පැවැසීමට සැලසුම් කර තිබේ.

මෙම හෙළිදරව්වෙන් පසුව ඒ සිදු නොවීමට ඉඩ ඇතත් මෙම නාගරික මන්ත්‍රීවරයා විසින් මෙම කරුණු හෙළිකර ඇත්තේ පසුගියදා හිතවතුන් කිහිප දෙනෙකු හා කටමැත දෙඩවීමකදීය.

 

Last modified on Monday, 29 December 2014 17:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us