අද කුරුණැගල පැවැති එම කණ්ඩායමේ වැඩ සටහනක් අතර තුරදී මේ සිදුව තිබේ. මෙම ප්‍රහාරය නිසා සමනලී ෆොන්සේකා තුවාල ලබා ඇති අතර ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර මහතාව බිම පෙරලාගෙන පහර දී තිබිණ. අමා විජෙසේකර ජගත් මනුවර්ණ, නීතීඥ උදුල් ප්‍රේමරත්න,මොහාන් රාජ් මඩවල,ඉන්ද්‍රචාප ලියන ගේ, ඇතුළු කණ්ඩායමම පහර කැමට ලක්ව තිබේ.
මෙම පහර දිම මෙහෙයවා ඇත්තේ පළාත් සභා මන්ත්‍රී කමන් ඉන්දික විසින් වන අතර නිල බලකායේ ටීෂර්ට් හැඳගත් සිය දෙනෙකු පමණ මෙයට සම්බන්ධ වී ඇත. කලාකරුවන් පැමිණි බස් රථයට පහර දී තිබේ
මේ සිදුවීම වන අතර තුර නිල් බලකා යේ ප්‍රධානියා ඉන්දියාවෙන් පැමිණ ජැකලින් ෆර්ඩිනැඩස් සලමන් කාන් ඇතුලු නළු නිළියන් සමඟ සාජ්ජයකට සහබාගී වී සිටී.