රාජපක්ෂ රෙදි ඇඳගෙනද මුස්ලිම් ජනතාවගෙන් කළගුණ සැලකුම් ඉල්ලන්නේ ? (Video)

Published in පුවත්
Friday, 26 December 2014 13:21

මුස්ලිම් ජනතාවගේ පල්ලි කඩල දාල, ව්‍යාපාරික ස්ථාන ගිනි තියල බොදුබල සේනාව කියල සංවිධානයක් හදාගෙන ජාතිවාදය අවුස්සමින් මහින්ද රාජපක්ෂ දැන් කියනවා කලගුණ සළකන්නලු. මෙලෙස තාඩන පීඩන කිරීමට මුස්ලිම් ජනතාව මොකක්ද කරපු වැරැද්ද. කුමක්ද යනුවෙන් කොළඹ නගරාධිපති ඒ .ජේ .එම් මුසම්මිල් මහතා ප්‍රශ්න කර සිටී.

අපි උතුරෙ යුද්ධෙනුත් බැට කෑව. එත් අපි ප්‍රභාකරන් එක්ක එකතු උනේ නෑ. මුස්ලිම් ජනතාවත් ප්‍රභාකරන් එක්ක එකතු උනනානම් ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා. අද හැමෝම මෛත්‍රී මැතිතුමා වෙනුවෙන් එකතු වෙලා ඉවරයි. යනුවෙන්ද ඒ මහතා පවසා සිටී.


වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

මට බොහෝදෙනෙක් චෝදනා එල්ල කරා කොළඹ වටේ මහින්ද රාජපක්ෂගේ පෝස්ටර් කටවුට් තියනවා කියල. ඒවගෙන් අපිට ගොඩක් සල්ලි හම්බ උනා. මම ඒ වෙලාවෙ අපේ අනාගත ජනාධිපති මෛත්‍රී සිරිසේන මැතිතුමාට කිව්වෙ අපිට පෝස්ටර් කටවුට් ඕන නෑ. අපේ හදවත්වල හැමදාම ඔබතුමා ජීවත් වෙනවා කියල.

එදා 94 පොදු පෙරමුණ ආණ්ඩුව හැදුවෙ අශ්රොෆ් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු පස් දෙනෙක් එකතු කරගෙන. මම තමයි එදා අශ්රොෆ්ව එක්කන් එන්න කටුනායකට ගියෙ.

අවුරුදු 17ක් විපක්ෂයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදුවෙ මුස්ලිම් ජනතාවගේ උදව්වවෙනුයි. ඒ වගේම 2005දිත් නැගෙනහිරින් මුස්ලිම් ඡන්ද ලක්ෂයක් විතරත් දකුණින් ඡන්ද පනස්දහසක් විතර දීල මහින්ද රාජපක්ෂව දිනෙව්වෙත් මුස්ලිම් ජනතාවයි.


අපි උතුරෙ යුද්ධෙනුත් බැට කෑව. එත් අපි ප්‍රභාකරන් එක්ක එකතු උනේ නෑ. මුස්ලිම් ජනතාවත් ප්‍රභාකරන් එක්ක එකතු උනනානම් ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා.අද හැමෝම මෛත්‍රී මැතිතුමා වෙනුවෙන් එකතු වෙලා ඉවරයි. එතුමා දහවෙනිදට අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා වගේම අපේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ලෙස දිවුරුම් දෙන එක ඒකාන්තයි.

අපිට අවශ්‍ය නිදහසේ ජීවත්වෙමින් අපේ ව්‍යාපාර කටයුතුවල යෙදෙන්න. අපි විශ්වාස කරන ආගම අදහන්න. ඒ වගකීම අපි අනාගත රජයටත් බාරදෙනවා. කොළඹ ජනතාව හැටියට පොළොන්නරුවට වඩා එක ඡන්දයක් හරි වැඩිපුර ඡන්දය දෙමින් අපි මෛත්‍රී මැතිතුමා කරපු පරිත්‍යාගය ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් කිරීමට සහාය දෙනවා.

 

Last modified on Friday, 26 December 2014 13:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us