මෙම විහාරය රජයේ මුදලින් තැනුවක් බවත් එය රජයට නැවත බාර දිය යුතු බවත් බොදු බල සේනාව පවසන මුත් සඟසතු කරන ලද දේපලක් යළි පවරා ගැනීමේ සිරිතක් නැති බව බෞද්ධයන් සතුව නැති බව භික්ෂූන් වහන්සේලාගේ මතය වේ.
ආගම්වාදී ජාතිවාදී ත්රස්ත කල්ලියක් ලෙස කටයුතු කරන බොදු බල සේනාව මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට කොන්දේසි විරහිතව සහය දෙන බව පවසා ඇත. එහෙත් මෙම සංවිධානය රාජපක්ෂවරුන්ගේ නිර්මාණයක් බව හෙළිවී තිබේ.
මේ අනුව පැහැදිලිවනුයේ සඟසතු දේපල පැහැර ගැනීමේ උත්සාහයත් රාජපක්ෂවරුන්ගේ නියෝගය මත සිදුවන්නක් බවය.