පකිස්ථානයේ විශේෂ යුද අධිකරණයක් පිහිටුවයි

Published in විදෙස්
Friday, 26 December 2014 10:25

පකිස්ථානය තුළ විශේෂ යුද අධිකරණයක් පිහිටුවීමට එරට අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් තීරණය කර ඇත.ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන්නන්ගේ නීතිමය කටයුතු මෙම අධිකරණය මගින් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් දා පකිස්ථානයේ පේෂාවර් නගරයේ පාසලක සිසුන් 132 දෙනකු ඇතුළු 149 දෙනකු ත‍ලේබාන් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

මේ සමග පකිස්ථානය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ ‍පොලිසියක් පිහිටුවමින් එම ක්‍රියාවන්ට එරෙහි නීති තර කරන බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත මුදල් ලැබෙන මාර්ග සොයා ඒ සියලුම මාර්ග නවතා දමමින් එරටින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කාලය එළැඹ ඇතැයිද පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව පැවසේ.

(rivira)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us