ඇසෑම් බෙදුම්වාදීන් සාමාන්‍ය වැසියන් 52ක් ඝාතනය කරයි

Published in විදෙස්
Thursday, 25 December 2014 15:50

ඉන්දියාවේ අසාම් ප්‍රදේශයේ බෝඩෝ කැරලි කණ්ඩායමක් විසින් සිදු කර ඇති ප්‍රහාරයන් කිහිපයක් හේතුවේ මේ වන විට 52 දෙනෙක් මිය ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කර තිබේ. වාර්තා සඳහන් කරන අන්දමට මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පිරිමින්, කාන්තාවන් සහ ළමුන් බවත්, එම වාර්තාවල සඳහන් කර ඇත. මොවුන්ට වෙඩි තබා ඇත්තේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවි වලින් බව සනාථ වී තිබේ.

සොනිටිපූර්හි 35 ක් කොක්රාජ්හාර් හි 14 ක් සහ ඉතිරි පිරිස වෙනත් ප්‍රදේශවලින් බව වාර්තා වේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශවල පිහිටි තේ වතුවල සේවය කරන ගෝත්‍රික පිරිස් බවත්, එම විදෙස් මාධ්‍යය පෙන්වා දී තිබේ.

මෙම ප්‍රහාරයන් එරට අගමැති මෝදි හඳුන්වා දී තිබෙනුයේ ඉතා පහත් ක්‍රියාවන් ලෙසය. ඒ අතර ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරණයට පත් වූවන්ගේ ඥාතීන් වෙත තම ශෝකය පළ කරමින් පවසා ඇත්තේ මෙවන් ත්‍රස්ත ක්‍රියාවන් නවතාලීම සඳහා දැඩි පියවර ගත යුතුව ඇති කාලය පැමිණ තිබෙන බවය.

‍පොලිසිය පවසන අන්දමට මෙම ප්‍රහාරයන්ගෙන් මිදී ආ පිරිස් මෙම ත්‍රස්තවාදීහු අවි සහිතව පා ගමනින් පැමිණ ඇත්තේ හමුදා ඇඳුමින් සැරසී බවය. එසේ පැමිණි පිරිස් වසා තිබූ නිවෙස්වල දොරවල් කඩා ඒවායේ සිටි වැසියන් හට වෙඩි තැබූ බවත්ය. 

මෙම බෝඩෝ කැරලිකාර කණ්ඩායම ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග බොහෝ කාලයක සිට ස්වයං පාලනයක් සඳහා සටන් වැදී සිටින පිරිසක් බවත්, එම පෙරමුණෙන් වෙන් වීමට සිදු වීම හේතුවෙන් එයට පළිගැනීමක් ලෙස මෙම ක්‍රියාව කරන්නට ඇති බවට සැක පහළ වී ඇත. 

පසුගිය ඉරිදා දිනයේ දී ද ආරක්ෂක හමුදාවන් සමග මෙම පිරිස ගැටී ඇති අතර කැරලිකරුවන් දෙදෙනකු එහිදී මියගොස් ඇත. බොඩෝ කැරලිකරුවන් එහි වෙසෙන ගෝත්‍රිකයන්ට චෝදනා කරනුයේ ඔවුන් එරට ආරක්ෂක හමුදාවන්ට සහාය පළ කරන බවය.

(rivira)

Last modified on Thursday, 25 December 2014 15:52

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us