බහලුම් පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධව රේගුව අධ්‍යයනය කරමින් සිටින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර අද පැවැත්වෙනවා.

2020 - 2024 වර්ෂවල විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට 2025 අයවැයෙන් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව 20-24 විශ්‍රාමික එකමුතුවේ සභාපති මාලික විමලසූරිය පවසයි.

අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය 'SD/SD' සිට 'CCC+/C' දක්වා ඉහළ නංවා තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ(CPSTL) පවතින රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

ඔක්තෝබර් පළමු වැනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව “ළමා දින ජාතික සතියක්” රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වනවිට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය.

පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණොත් රටේ ලුණු අවශ්‍යතාවෙන් බහුතරයක දායකත්වය පුත්තලමෙන් ලබා දිය හැකි මට්ටමක පවතින බවත් ලුණු නිෂ්පාදකයෝ පවසති.

මොළයේ සෛල භක්ෂණය කරන නයිගීරියා ෆවුලේරි එනම් මොළය භක්ෂණය කරන මාරාන්තික ඇමීබා ආසාදනයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

Connet With Us