මොළයේ සෛල කන මාරාන්තික ආසාදනයක් ඉන්දියාවේ

Published in විදෙස්
Friday, 19 September 2025 08:15

මොළයේ සෛල භක්ෂණය කරන නයිගීරියා ෆවුලේරි එනම් මොළය භක්ෂණය කරන මාරාන්තික ඇමීබා ආසාදනයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

වසරේ ගතවූ කාලය තුළ මෙම ආසාදනයට ගොදුරුවූවන් 70ක් පමණ එම ප්‍රාන්තයෙන් සොයා ගෙන ඇති අතර, ඉන් 19 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉන් වැඩි ප්‍රමාණයක් පසුගිය මාස කිහිපය තුළ වාර්තා වී තිබේ.

ජලාශ, ගංගා වැනි උණුසුම් ජලයේ සුබල වශයෙන් ඇති මෙම ඇමීබාවන් නාසය හරහා මිනිස් සිරුරට ඇතුළු වන බව මේ වන විට සොයා ගෙන ඇත.

කෙසේවෙතත් ගෝලීය වශයෙන් මෙතෙක් රෝගීන් 500කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් පසුගිය වසර දෙක තුළ කේරළයේ පමණක් රෝගීන් 120කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us