ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා අයදුම්පත් කැඳවීම ඇරඹේ - හිතවත්කම් මත රැකියා නොදෙන බවත් දැනුම්දෙයි

Published in පුවත්
Friday, 19 September 2025 11:06

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ(CPSTL) පවතින රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

මෙහි විශේෂත්වය වන්නේ කිසිදු දේශපාලන හෝ නිලධාරී මට්ටමෙන් ඒ සඳහා බලපෑමක් නොමැති වීමය.

පවතින ඇබෑර්තු සඳහා අයදුම්පත්‍ර යොමු කරන අය බඳවා ගැනීමේ දී ඔවුන් කිසියම් දැන හැඳුනුම්කමක් මත පැමිණ ඇති බවට අනාවරණය වුවහොත් අදාළ පුද්ගලයා එම රැකියාව ලබා ගැනීමට නුසුදුස්සෙක් බවට පත්වනු ඇත.

එසේම රැකියා ලබා දීම වෙනුවෙන් හෝ රැකියාව ලබා ගැනීම වෙනුවෙන් මුදල් ගැනීමක් හෝ ලබා දීමක් සිදු කර තිබුණහොත් අදාළ සියලු පාර්ශ්ව නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.

සුදුසුකම් මත රටේ ඕනෑම පුද්ගලයෙක්ට කිසිදු බලපෑමකින් තොරව අදාළ රැකියා සඳහා අයදුම් කර ලබා ගත හැකිය.

මීට පෙර මෙවැනි ඇබෑර්තු පවතින සෑම අවස්ථාවකම වාගේ ඉහළ නිලධාරීන්ගේ හෝ දේශපාලන මැදිහත්වීම් මත රැකියා අවස්ථා සඳහා හිතවතුන් පත් කිරීම සිදු කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

එසේම අල්ලස් ලෙස විශාල වශයෙන් මුදල් ලබාගෙන එම රැකියා අවස්ථා සඳහා පුද්ගලයන් ඇතුළත් කිරීම ද මීට පෙර සිදු කර ඇති බවට ඇතැම් පාර්ශ්ව සඳහන් කරන බව ද සභාපතිවරයා කියා සිටියේය.

ඒ අනුව මින් ඉදිරියට කිසිදු අයුරකින් එලෙස සිදු නොවෙන අතර සුදුසුකම් සහිත ඕනෑම අයෙක්ට අයදුම්පත්‍ර යොමු කර රැකියා අවස්ථා ලබා ගත හැකිය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us