වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගයි.

ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස්,නමසියපහක (493,905) අවශ්‍යතාවයක් පැවතියද ඉකුත් වර්ෂය තුල (2024) බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනුඅටක් (274,198) බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.

ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නේපාලයක් වන්නට ගිය අපේ රට එම තත්ත්වයෙන් මුදාගෙන නිවැරදි මාර්ගයේ ගෙනයාම ගැන මුළු මහත් ජාතියම Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ පැවසීය.

පහසුකම් නොමැතිවීම මත රුහුණ විශ්වවිද්‍යාලය නව අධ්‍යයන වසර සඳහා පෙර වසරට සාපේක්ෂව මෙවර බඳවාගෙන ඇත්තේ සිසුන් 216 දෙනෙක් අඩුවෙනි.

අද (13) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සිවිල් සහ දේශපාලන ගිවිසුම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය - (ICCPR) මගින් ආණ්ඩුව විරුද්ධ පක්ෂය මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවට විමල් විරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින් පිරිසක් චෝදනා කරනවා.

රතන හිමිට ඇප

Published in පුවත්
Friday, 12 September 2025 13:29

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Connet With Us