ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන විපක්‍ෂයේ පිරිසක් හදිසියේම මහනාහිමිවරුන් හමුවී සාකච්ඡාවක

Published in පුවත්
Friday, 12 September 2025 13:49

සිවිල් සහ දේශපාලන ගිවිසුම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය - (ICCPR) මගින් ආණ්ඩුව විරුද්ධ පක්ෂය මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවට විමල් විරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින් පිරිසක් චෝදනා කරනවා.

ඔවුන් මෙම චෝදනාව ඉදිරිපත් කළේ මහනුවරට ගොස් මල්වතු ,අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදීයි

(ICCPR )පනත හරහා විපක්ෂයේ දේශපාලන නායකයකු වන උදය ගමිමන්පිල අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව මෙම විපක්ෂයේ නියෝජිත පිරිස මල්වතු නාහිමියන් හමුවේ පැවසුවා.

ඊට අමතරව හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ඇතුළු හිටපු නාවික හමුදාපතිවරුන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් මල්වතු පාර්ශවයේ මහා නායක අතිගරු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ බැහැ දැක මෙම පිරිස කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මේ සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් රැසක්ම සහභාගි වී තිබෙනවා. විමල් වීරවංශ , ටිරාන් අලස් ,අනුර ප්‍රියදර්ශන යාපා , නිමල් පියතිස්ස ,ජානක වක්කුඹුර ප්‍රේමනාත් සී දොළවත්ත , අසංග නවරත්න , සුජීව සේනසිංහ හා සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us