දීර්ඝ සතිඅන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළිය සංචාරය සඳහා ගිය මෙරට සංචාරකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට පෙරේදා (06 වැනිදා) සිට තද දුඹුරු පැහැයෙන් යුතු ජලය පානය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

ලබන වසරේදී නව සීමානිර්ණ කටයුතු අවසන් කර පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා.

රථ වාහන නීතිය අද (08) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රතු මුහුදේ ජාත්‍යන්තර ෆයිබර් ඔප්ටික් කේබල් කිහිපයක් කපා දමා හානි සිදු කර ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසනවා.

හෙට දින ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවරය තුළ මේ වන විට ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා ඇති ඉඩකඩ හැකිලීම පිළිබඳව, සාකච්ඡාවට ගනු ඇති බව වාර්තා වේ.

චෙම්මනි සමූහ මිනීවළේ සිකුරාදා (5) දින සිදු කරන ලද කැණීම් වලදී තවත් මිනිස් ඇටසැකිලි පහක් හඳුනා ගන්නා ලද අතර, එම ස්ථානයෙන් සොයාගත් මුළු මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගොස් ඇත. මෙයින් 235 ක් සම්පූර්ණයෙන්ම ගොඩගෙන ඇත.

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැවැත්වේ.

Connet With Us