චෙම්මනි සමූහ මිනීවළේ අමුතු ඇට සැකිල්ලක්

Published in පුවත්
Sunday, 07 September 2025 08:46

චෙම්මනි සමූහ මිනීවළේ සිකුරාදා (5) දින සිදු කරන ලද කැණීම් වලදී තවත් මිනිස් ඇටසැකිලි පහක් හඳුනා ගන්නා ලද අතර, එම ස්ථානයෙන් සොයාගත් මුළු මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගොස් ඇත. මෙයින් 235 ක් සම්පූර්ණයෙන්ම ගොඩගෙන ඇත.

ඒ අතරින්, ඇටසැකිලි පොකුර තුළ අංක 227 ලෙස ලේබල් කරන ලද ඇටසැකිල්ලක් කකුල් නැවී වාඩි වී සිටින (එරමිණිය ගොතාගෙන) වළලනු ලැබ ඇති බව සොයා ගන්නා ලදී.

මෙම අසාමාන්‍ය භූමදාන ඉරියව්ව සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාමනරාජා ගේ නීරීක්ෂණයට යොමු කර තිබේ.

ඔහු දේහය පරීක්ෂා කිරීමෙන් පසු, බැලු බැලිමටම මෙම ඇටසැකිල්ල හින්දු අවමංගල්‍ය චාරිත්‍රවලට අනුව වළලනු නොලැබූ බව පෙනෙන බව විශේෂඥයින්ට දැනුම් දුන් බව නීතිඥ නිරන්ජන් මාධ්‍ය වෙත පැවසීය.

චෙම්මනි සමූහ මිනීවළ, පොදු සුසාන භූමියක් බවට මතයක් තහවුරු කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගනිමින් තිබේ.

කෙසේ වෙතත්, ඇටසැකිල්ල අංක 227 පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කථිකාචාර්ය රාමනරාජා කාලය ලබා දී ඇත.

චෙමනි සමූහ මිනීවළ කැණීමේ දෙවන අදියර සෙනසුරාදා (6) දින අවසන් විය. දෙවන අදියරේදී කැණීම් දින 45 ක් පැවතුනි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us