ආණ්ඩුවේ මර්දනකාරී ප්‍රතිපත්තිය ගැන, හෙට එක්සත් ජාතීන්ගේ සාකච්ඡාවට ගනී

Published in පුවත්
Sunday, 07 September 2025 09:16

හෙට දින ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවරය තුළ මේ වන විට ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා ඇති ඉඩකඩ හැකිලීම පිළිබඳව, සාකච්ඡාවට ගනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විස්තීර්ණ වාර්තාව ඉදිරිපත් කෙරෙනු අතර ඒ පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය හෙට පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් හෙට කවුන්සිලයට ඉදිරිපත් කරන ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ, ජාතික ජනතා බලවේග ආණ්ඩුව මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට කැපවී සිටින බව ප්‍රකාශට පත් කර තිබෙන නමුදු ද, එම නීතිය තවමත් ක්‍රියාත්මක වන බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් මීට පෙර එහි වැරදි පිළිබඳ, නොපැහැදිලි අර්ථ දැක්වීම්, පුළුල් බලාත්මක කිරීමේ බලතල, අසමානුපාතික දඬුවම් සහ අධිකරණ අධීක්ෂණයක් නොමැතිකම පිළිබඳව බරපතල කනස්සල්ල පළ කර ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

මාර්ගගත ආරක්ෂණ පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ මඟින්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ ප්‍රකාශනයේ නිදහසට අනවශ්‍ය ලෙස සීමා කරන බලගතු නීතිමය රාමුවක් නිර්මාණය කර ඇති බවත්, එමෙන්ම ICCPR පනත ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, සංගමයට සහ සාමකාමී රැස්වීමකට ඇති අයිතියට අනවශ්‍ය ලෙස සීමා කරන, පවතින නීති හෝ යෝජිත නීති අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීමට රජයෙන් ඉල්ලා සිටින බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

විදේශ අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හි 60 වන සැසිවාරය සඳහා රට නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.

එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මෙම මස අගදී ඉදිරිපත් කිරීමට නියමිත අතර,

යෝජනා කෙටුම්පත් කිරීමේ අවසාන දිනය සැප්තැම්බර් 25 බවද සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us