බ්රේක් නැහැ කියලා ඩ්‍රයිවර් කීවාම කොන්දොස්තර හිනා වුණා - අනතුරින් දිවි බේරා ගත් අයෙක් සියල්ල හෙළිකරයි

Published in පුවත්
Friday, 05 September 2025 14:44

ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු බව පොලීසිය පවසයි.

රියදුරු සහ රිය සහායක සමග බස් රථයේ 34 දෙනෙකු ගමන් කර තිබුණි.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 සහ 24 කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රී 9ට පමණ අනතුර සිදුවී ඇත.

අදාළ බස් රථය ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකද ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේද ගැටී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

කෙසේවෙතත් අනතුරින් පසුව ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, ආරක්ෂක අංශ මෙන්ම මුදාගැනීමේ කණ්ඩායම් තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මේ වනවිට පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මොවුන් සියලුදෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා තහවුරු කළේය.

මෘතශරීර මේ වනවිට දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල තැන්පත් කර තිබේ.

මේ අතර බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් අනතුර සිදුවීමට පෙර බස් රථයේ රියදුරු විසින් තිරිංගවල යම්කිසි දෝෂයක් පවතින බවට ප්‍රකාශ කර ඇති බවට අනතුරින් දිවි බේරාගත් පුද්ගලයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

"ඇල්ල හරියේ වංගුවක් ගාවදී කිව්වා බ්රේක් නැහැ කියලා. මම බොනට් එක උඩ වාඩිවෙලා කතා කර කර හිටියා. ඩ්‍රයිවර් එහෙම කිව්ව එකට කොන්දොස්තර හිනා වුණා. එහා පැත්තේ ආසනයේ එක්කෙනෙක් හිටියා. එයත් හිනා වුණා...බොරු කියන්න එපා කියලා. ඊළඟ වංගුවේදී තමයි කිව්වේ ඇත්තම තමයි බ්රේක් නැහැ කියලා. එකපාර කපන්න ගත්තා. ඊට පස්සේ තමයි දන්නේ ඇත්තටම බ්රේක් නැහැ කියලා. එතනදි වාහනයක් ආවා..ඒකේ වැදිලා තමයි බස් එක පල්ලමට ගියේ. මම නම් ඒ වේලාවේ හිතුවා ඉවරයි කියලා."

"බස් එක පහළට පෙරළිලා පොඩි දරුවෙක් අඬන සද්දයට තමයි මම නැඟිට්ටේ. ඊට පස්සේ ඒ ළමයවත් අරගෙන මම උඩට එන්න හැදුවා. පස්සේ කැහැගැහුවා..ඊට පස්සේ තමයි කට්ටිය ආවේ."

බස් රථයේ පිරිස මුදාගැනීම සඳහා සහාය වූ දෙදෙනෙකුද තුවාල ලබා රෝහල්ගතකර තිබුණි.

මෙම බස් රථ අනතුරින් පුද්ගලයින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර මියගිය අය අතරට තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා සහ එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද අයත් ය.

බදුල්ල ශික්ෂණ රෝහල සඳහන් කළේ මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බවය.

මේ අතර මෙම බස් රථ අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ අනතුර සිදුවූ ස්ථානයට බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ඇතුළු දෙදෙනෙකු පරීක්ෂණ සඳහා ගොස් ඇති බවය.

ඔවුන් විසින් මේ වනවිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මූලික වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us