නුවරඑළියේ වතුර දුඹුරු වෙයි

Published in පුවත්
Monday, 08 September 2025 08:54

දීර්ඝ සතිඅන්ත නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළිය සංචාරය සඳහා ගිය මෙරට සංචාරකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට පෙරේදා (06 වැනිදා) සිට තද දුඹුරු පැහැයෙන් යුතු ජලය පානය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ ජල කර්මාන්ත කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රී මහේස් රත්නසේකරගෙන් කළ විමසිමකදී ඔහු කියා සිටියේ ප්‍රධාන ජල නළයක සිදුවූ දෝෂයක් පිළිසකර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවය.

කෙසේ වෙතත් නුවරඑළිය නගර සීමාවේ පසුගිය 06 වැනිදා උදෑසන සිට පානිය ජල සැපයුමේ තද දුඹුරු පැහැයෙන් මඩ වතුර ජල නළ ඔස්සේ පාරිභෝගික ජල සැපයුම්වලට ලැබීමෙන් නුවරඑළිය ප්‍රජාව ව්‍යාපාරිකයන්, හෝටල් කර්මාන්තයේ නියැළි පුද්ගලයන් සහ සංචාරකයන් දැඩි අපහසුතාවට පත්ව තිබිණි.

ඊයේ (07 වැනිදා) දින උදෑසන වන විටත් පානය කිරීමට සුදුසු තත්ත්වයේ ජලය නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us