රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

Published in පුවත්
Saturday, 13 September 2025 09:36

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ පැවසීය.

මෙම සියලුම පනත් මගින් සිදුකෙරෙන්නේ ඉඩම් රාජකාරි බව පැවසූ ඔහු එක පනතක් සකස් කිරීම මගින් ඉඩම් පරිහරණය පහසු වන බවද ඔහු පැවසුවේය.

ජාතික ඉඩම් පරිහරණ සැලැස්ම සකස් කිරීමට සමගාමීව අනෙකුත් ඉඩම් අණ පනත් ලිහිල්විය යුතු බවත්, එමෙන්ම, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවට වැඩි බලතල දිය යුතු බවත් ඔහු කීවේය. එසේ නොවුණහොත් සිදුවන්නේ ඉඩම්වලට අදාළව අවසර ගැනීමේදී තවත් ආයතනයක් එකතුවීම පමණක් යැයිද ලේකම්වරයා කියා සිටියේය.

මුහුද ගොඩකර සකස් කරන ලද කොළඹ වරාය නගරයේ අයිතිය සම්බන්ධව දැනට වසර කීපයකට පෙරදී කතිකාවතක් පැවති බවත්, එය නිරවුල් කිරීම සඳහා අණ පනත් පරීක්ෂා කිරීමේදී “ආණ්ඩුකාරවරයාගේ නියමය මත මුහුද ගොඩකර සාදන ලද භූමිය රජය සතු වන්නේය.’’ යනුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ලියන ලද රජයේ ඉඩම් ආඥා පනතේ සඳහන්ව තිබූ බවද, ඒ අනුව එම ඉඩමේ අයිතිය තහවුරු කරගැනීමට හැකිවූ බවත් ලේකම්වරයා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us