තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඊශ්‍රායලයේ වීසා නොමැතිව ජීවත් වන ශ්‍රී ලාංකිකයන් පන්දහසකට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට බෙදීමෙන් සේවකයන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම මණ්ඩලයේ වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ග වැඩ වර්ජනයක් තෙක් දැඩි කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (24 වැනිදා) ගන්නා බව එම වෘත්තිය සමිති නායකයෙක් පවසයි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල රුපියල් හත්කෝටි හැටපන් ලක්ෂයකට අධික විශේෂ ත්‍යාග මුදල් පසුගිය වසරේ දී ත්‍යාගලාභීන් ලබා ගෙන නොමැති බව අනාවරණය වී තිබේ.

අද කොහොමද ?

Published in පුවත්
Tuesday, 23 September 2025 07:09

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ.

බෙලරුස් හි ජාතික ගුවන් සේවයවන බෙලවියා(Belavia) ගුවන්සේවය මේ වසර තුළ ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වන බව නිවේදනය කර ඇත.

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 (2026) විභා­ගය සඳහා අයැ­දු­ම්පත්‍ර කැඳ­වීම ලබන මස 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදු කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය පැව­සු­වාය.

පසුගිය 2024 වසරේ සිට මේ දක්වා සයිබර් අවකාශයේ වයස අවුරුදු 18 අඩු දරුවන් 43 දෙනකු ලිංගික අතවරයන්වලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් පැවසීය.

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය.

කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

Connet With Us