ඊශ්‍රායලයේ වීසා නොමැති ලාංකිකයන් පන්දහසකට වීසා ලබා දීමට සාකච්ඡා

Published in පුවත්
Tuesday, 23 September 2025 07:43

ඊශ්‍රායලයේ වීසා නොමැතිව ජීවත් වන ශ්‍රී ලාංකිකයන් පන්දහසකට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ වාර්ෂික හමුවේ මේ පිළිබඳ සාකච්ඡාවට භාජනය වී ඇත.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙනත් ජාතිකයන් ද වීසා නොමැතිව සිටින බැවින් ඒ පිළිබඳ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබද කමිටුව හමුවේ කරුණු දක්වන ලෙස දන්වා තිබේ.

ඒ අනුව ඊළඟ සාකච්ඡාවේදී මෙම ගැටලුව පිළිබඳ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබඳ කමිටුව හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව නිමල් බණ්ඩාර පවසයි.

මේ අතර මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන්ට ඊශ්‍රායලයේ දී ලබාගත හැකි පුහුණුවීම පිළිබඳවද සාකච්ඡා පවත්වා ඇත.

මෙම හමුවට ඊශ්‍රායල - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති Dr. Tsega Melaku, එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින්, පාර්ලිමේන්තුවේ විදේශ ප්‍රතිපත්ති අංශයේ නිලධාරීන් හා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි හේමන්ත ඒකනායක ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලාංකිකයෝ විසිපන්දහසක් ඊශ්‍රායලයේ මේ වෙන විට රැඳී සිටිති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us