විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අවසන් තීන්දුව හෙට

Published in පුවත්
Tuesday, 23 September 2025 07:36

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට බෙදීමෙන් සේවකයන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම මණ්ඩලයේ වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ග වැඩ වර්ජනයක් තෙක් දැඩි කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (24 වැනිදා) ගන්නා බව එම වෘත්තිය සමිති නායකයෙක් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ සැප්තැම්බර් 24 වැනිදා තෙක් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙනියන බවය.

මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ව්‍යාපාරය ආරම්භ වූයේ සැප්තැම්බර් 05 වැනිදා වන අතර මේ වන විට එයට සති දෙකක කාලයක් ගතව ඇත.

ඊයේ (22) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත පැවසුවේ බදාදා දිනට ගන්නා තීරණය බොහෝ දුරට වැඩ වර්ජනයක් විය හැකි බවය.

කෙසේ වෙතත් ඔහු පවසා සිටින්නේ සේවකයන්ගේ ඉල්ලීම්වලට මේ වනතෙක් බලධාරීන් විසඳුමක් ලබාදී නොමැති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතම මෙසේද පැවසුවේය.

" විසි හතරවැනිදා දහවල් නැවතත් වෘත්තිය සමිති විසිපහම රැස්වෙනවා. අපි ඊයේ තමා තීරණය කළේ විසි හතර වෙනකන් ඉමු කියන එක. මේ දින දෙකෙහි යහපත් සාකච්ඡාවක් නැත්නම් අපි අනිවාර්යයෙන්ම අන්තිම අදියරය වන වැඩවර්ජන තීන්දුව බදාදාට ගැනීමට බලාපොරොත්තු වෙනවා. එක් දිනක වැඩවර්ජනයක්ද, සංඛේත වැඩවර්ජනයක්ද, අඛණ්ඩ වැඩවර්ජනයක්ද කියන එක අපි පැහැදිලිව බදාදා දින ප්‍රකාශය කරනවා. "

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us