තමන් කිසිම දෙයක් හංගන්නේ නැතුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළේ ඒ නිසා බව කියන්නත් මේ අය සෑහෙන දඟලමින් සිටී.
නමුත් මෙය ජවිපෙ දේශපාලනය මෙන්ම මෙයත් තවත් බොරුවකි. මේ කිසි කෙනෙක් සිය කැමැත්තෙන් තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ද නැත.
මේ අය ඉතිහාසය පුරා තමන්ගේ වත්කම් ගැන කිව්වේ පට්ට පල් කෙබර බවත් දැන් ඉතා පැහැදිලිය. අද මේ අයගේ වත්කම් හෙළි වීම නිසා අවංක පාක්ෂිකයා පක්ෂය හැර යන තැනට පත්ව සිටී. තත්වය එතරම්ම් දරුණු සිදුවිමක් වී තිබෙන්නේ මේ අය කලින් ගහපු කෙබර නිසාමය.
ජවිපෙ තමන්ගේම පාක්ෂිකයා රැවටීමට ගොදුරු කළේ සංවිධානාත්මකව හා ඒ ගැන ඉතා දැනුවත් භාවයක් සහිතව බවත් පැහැදිලි කතාවකි. පක්ෂ නායකයන් පාක්ෂිකයා රවටා ලබා ගන්නා මිල මුදලින්, බඩු භාණ්ඩ වලින්, ජීවත් වන ක්‍රමවේදයක් ද සකසා ගෙන එය පක්ෂයේ උදාර සංස්කෘතිය යැයි ලස්සන කතන්දර ද ගොඩ නඟාගෙන තිබීනි. සමහර විට මේ අවංක පාක්ෂිකයා මේ නායකයන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා කැප කර තිබිණි.
නමුත් මේ ජවිපෙ මන්ත්‍රීවරුන්ට තමන්ගේ වත්කම් ගැන ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලබා දීමට සිදු වන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිය හෝ සංස්කෘතිය නිසා නෙවේ. ඔවුන්ගේ අවංක කම නිසා ද නොවේ.
එය රටේ නීතිය නිසාය. ඒ නීතිය කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් නිසාය.
ජවිපෙ මේ සිය කැමැත්තෙන් මේ තොරතුරු ලබා දුන්නා නම් මීට පෙරත් තමන්ගේ ඇත්ත වත්කම් හෙළි කළ යුතුව තිබීණි. නමුත් ඒ කිසිවකුත් එසේ සිදු කළේ නැත.
එවැනි නීතිමය අවශ්‍යතාවත් තිබුණ අවස්ථාවක දී පවා ඇතත් වත්කම් හෙළි නොකර මඟ හැර තිබුණු අවස්ථා ඕනෑ තරරම් තිබිණි.
කොහොම නමුත් මේ වන විට වත්කම් බැරකම් ප්‍රකාශන් ලබා දීමට ජවිපෙට සිදුවන්නේ, මේ වන විට පවතින නීතිය පැවැති නීතියට වඩා බලවත් නිසාය.
විධායක මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කාණ්ඩයකට, බලය හොබවන දේශපාලනඥයන්ට, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය ආයතන වගකීම් උසුලන්නන්, වෘත්තීය සමිති නායකයන්... ආදී වශයෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු බවට මෙරට පැවැති නීතිය දශක කිහිපයක් පැරණි එකකි.
නමුත් ඒ අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ අය සිටියේ සුළු පිරිසකි. මෙම ප්‍රකාශ ලබා නොදීම එතරම් ගැටලුවක් වූයෙත් නැත. ප්‍රකාශ ලබා නොදීම වරදට දුන් ලැබුණු දඬුවම වූයේ රුපියල් 1000 දඩයකි.
වෙනත් නඩු හබ අතර තුරදී මේ දඩය ගෙවීමට සිදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැනද වාර්තා වී තිබේ.
මේ ලිහිල් නීතිය නිසා වත්කම් හෙළි කරනවාට වඩා දඩය ගෙවීම අතිශය ලාබ දායක සහ පහසු කටයුත්තක් විය.
පසු කාලීනය මෙම දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීම සිදු කර තිබුණි. එහෙත් කෝටි ප්‍රකෝටි ගනනින් වන අයථා හෝ යථා වත්කම් හෙළිකර සිටීමට වඩා ලක්ෂයක දඩය ගෙවීමත් පහසු දෙයක් විය. ඒ නිසා මෙම නීතිය කිසිවෙක් ගනන් ගත් දෙයක් වුයේ නැත ජවිපෙ සත පහකට ගන්න ගත්තේ නැත. මේ නීතිය දැඩි කරන ලෙස ඉල්ලා උද්ඝොෂණ, වැඩ වර්ජන කළ බවත් වාර්තා වන්නේ නැත.
වත්කම් බැරකම් ප්‍රකාශය ලබා නොදීම බරපතල වරදක් බවට පත් වන්නේ 2023 වසරේ හඳුන්වා දුන් දුෂණ විරෝධි පනත නිසාය.
ඒ වන විට තිබු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පිහිට වූ පනතත්, වත්කම් බැරකම් පිළිබඳ පනතත්, අහෝසි කර, එම වැරදි සම්බන්ධ නීතිය වඩාත් ශක්තිමත් කර මේ නව දුෂණ විරෝධි පනත යටතට ගෙන ඒම සිදු කරන ලදී.
මෙම නව පනත රාජ්‍යයක දුෂණ වැළැක්වීම සඳහා ලෝකයේ ඇති ප්‍රබලම නෛතිකු ප්‍රතිපාදනයක් ලෙසට හඳුනාගෙනද තිබේ.
මෙහිදී පැවැති අල්ලස් කොමිසමට වඩා වැඩි බලතල ප්‍රමාණයක් එම කොමිසමට පැවරීම මෙම පනතේ ඇති වැදගත්ම ප්‍රතිපාදනයකි.
අද අල්ලස් කොමිසම වැඩ පෙන්වන්නේ මේ දුෂණ විරෝධී පනතෙන් දැනට ලැබී තිබෙන සීමා සහිත බලතල හා හැකියාවන් ප්‍රමාණය පමණක් ක්‍රියාත්මක කරමින්ය.
තවමත් ලැබිය යුතු බලතල ප්‍රමාණයක් මෙන්ම පහසුකම් ප්‍රමාණයක් තිබේ. ඒවා සම්පුර්ණ කර ගැනීමට තවත් වසර කිහිපයක් කල්ගත වෙනු ඇත. ඒ අනුව සම්පුර්ණ ක්‍රියාකාරිත්වය යටතේ අල්ලස් කොමිසමේ වැඩ කෙසේ වෙයිද යන්න ගැන මේ වන විට පෙන්වන ක්‍රියාකාරිත්වය අනුව අවබෝධයක් ලැබිය හැකිය.
ඒ අතර මේ අනර්ඝ පනතටත් විරුද්ධව එදා යම් යම් කැත කතා කියපු දේශපාලකයන් වත්මන් ආණ්ඩුවේ සිටින බවත් පැවැසිය යුතුය.
කොහොම නමුත් මේ නීතිය ප්‍රකාරව සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ වත්කම් බැරකම් ගැන රහසිගත ප්‍රකාශයක් අල්ලස් කොමිසමට බාර දීමට සිදු විය.
නමුත් මෙතනදි අවධාරණය කළ යුතු තවත් දෙයක් තිබේ. ඒ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ, අල්ලස් කොමිසම විසින් තමන්ගේ වෙඩ් අඩවියේ ප්‍රසිද්ධ කරන බව මේ අය කලින් දැනගෙන සිටියේ නැති බවයි. අල්ලස් කොමිසම මේවා ප්‍රසිද්ධ කරන්නේ එයත් දුෂණ විරෝධි පනතේ නීතිය වන නිසාය.
අල්ලස් කොමිසම මෙම තොරතුරු ලබා ගන්නේ රහසිගත ප්‍රකාශයක් ලෙස වීම නිසා තමන්ගේ වත්කම් කිසිවකුට හෙළි වනු ඇති බව මේ ජවිපෙ මාලිමා මන්ත්‍රීවරු නොදැන සිටියාට සැක නැත. එසේ දැන සිටියා නම් මේ වත්කම් ගැන කීයටවත් හෙළි කරන්නේ නැත. තමන් දශක ගනනාවක් තිස්සේ කළ ව්‍යාජ නිර්ධන පංතික දේශපාලනය තුළ සැඟවූ වත්කම් දැන් හෙළි කරන්නේ නැත. මන්ද එයින් තමන්ගේ දේශපාලනයට වන හානියේ තරම හොඳින්ම දන්නා නිසාය.
එසේම දැන් කර කියාගන්න බැරි තැනට ඇද වැටී ඇත්තේ ඒ සැඟවූ වත්කම් යම් ප්‍රමාණයක් පමණක් හෙළි වීම නිසාය. මේ අනුව මින් ඉදිරියට ඇත්ත වත්කම් හෙළිවීම වලක්වා ගැනීමට පියවරයන් ගැනීම සිදු නොවුනොත් ඒ පුදුමයකි.
කොහොම නමුත් මේ අය තමන්ගේ වත්කම් බැරකම් ගැන මෙතනත් බොරු කියා තිබේ නම්, ඇත්ත වත්කම් සියල්ල හෙළි කර නොමැති නම්, පසු කාලිනව අයථා ලෙස වත්කම් වැඩි කරගෙන තිබෙනවා නම්, ඒ ගැන මහජනතාවට පැමිණිලි කළ හැකිව තිබේ.
මේ වන විටත් එවැනි පැමිණිලි ගනනාවක් අල්ලස් කොමිසමට ලැබීමත් සිදුව තිබේ.
-S.J