හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්, පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අල්ලාගෙන ඔහුට, වෙබ් අඩවි මඟින් මඩ ගසන බව, ඩිල්ෂාන්ගේ නීතීඥයන් අධිකරණය හමුවේ පැවැසීමේදී ඊට විනිසුරුවරයා සිනහවකින් සංග්‍රහ කර ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් ලිබරල් පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්දෙයන් මනාප 44ක් ලබාගෙන පරාජයට පත්ව ඇත. ඔහුගේ ඇමැති මණ්ඩලයේ මැල්කම් ටර්න් බුල් ඡන්ද 54ක් ද ලබා ටෝනි ඇබට්ට වඩා ඉදිරියෙන් සිටියි.

බොක්සිං තරඟ හතළිස් නවයක් නොනවත්වා ජයග්‍රහණය කරමින් ක්‍රීඩක රොකී මාශියැනෝ තබා තිබූ ලෝක වාර්තාව සම කිරීමට ඇමරිකානු ක්‍රීඩක ෆ්ලොයිඩ් මේවෙදර් සමත් වෙයි.

ඇමරිකානු බොක්සිං ක්‍රීඩක අන්ද්‍රේ බර්ටෝ පරදා ෆ්ලොයිඩ් විසින් මෙම වාර්තාවට හිමිකම් කීවේය.

දූෂණ අක‍්‍රමිකතා සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම්වරයාට නියෝග කර ඇත.

මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ අද (14දා) සහ හෙට (15දා) රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රි ලංකා යුධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන සෙනෙහස ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන ළමා ලිංගික අපයෝජන පිළිබඳ සිද්ධිය යට ගැසීම සඳහා යුද හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ බිරිඳකගෙන් හා වත්මනේ ඉහළ තනතුරු හොබවන්නකුගෙන් බලපෑම් සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයෙකුවන ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

Juniwaස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අද (14) ආරම්භ වෙයි.ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ඊට සහභාගි වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත දූත පිරිසක් මේ වන විටත් ජිනීවා නුවරට ගොස් සිටිති.

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යන සෙනෙහස ළමා නිවාසයේ සිදුවා ඇති බව කියන අක්‍රමිකතා හා ලිංගික ආපයෝජන පිළිබඳ සොය බැලීම සඳහා අද උදෑසන 'යුද හමුදා පොලිස් කණ්ඩායමක් 'එම ළමා නිවාසයට හදිසියේම ඇතුලු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

අගමැතිතුමා විසින් තමන්ට ලබාදුන් අමාත්‍යංශය උප්පැන්න සහතිකේ ඉඳලා මරණ සහතිකේ දක්වා ඉතා විශාල මෙහෙවරක් ජනතාවට ඉටුකරණ එමෙන්ම ජනතාව වෙත ලඟා වියහැකි අමාත්‍යාංශයක් බවත්, අගමැතිතුමා ගැලපෙනම අමාත්‍යාංශය තමාට ලබා දුන් බවත්. පසුගිය දා (12) ගාල්ල හබරාදුවේ පැවති පිළිගැනීමේ උත්සවයකට සහභාගී වු නව ස්වදේශ කටයුතු අමාත්‍ය  වජිර අබේවර්ධන මහතා පැවැසීය.

Connet With Us