'සෙනෙහස' ළමා අපචාර යට ගහන්න දැනටමත් බලපෑම්

Published in පුවත්
Monday, 14 September 2015 13:12

ශ්‍රි ලංකා යුධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන සෙනෙහස ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන ළමා ලිංගික අපයෝජන පිළිබඳ සිද්ධිය යට ගැසීම සඳහා යුද හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ බිරිඳකගෙන් හා වත්මනේ ඉහළ තනතුරු හොබවන්නකුගෙන් බලපෑම් සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

එමෙන්ම ආරක්ෂක තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන්ම අදාල ප්‍රධානින් මෙම පුවතේ සත්‍ය තාවයක් නොමැති බවට පුවත් වාර්තා කරන ලෙසද ඉල්ලීමක් සිදුව තිබේ.

ඒ කෙසේ නමුත් මෙම සිදුවීමට අදාල වීඩියෝ දර්ශන ද ඇති බවත් සාක්ෂි දීමටද පිරිසක් සූදානමින් සිටින බවත් දැන ගැනීමට තිබේ.


මෙම පුවත ඊයේ දිනයේදී හෙළිදරව් කරන ලද්දේ 'සත්හඬ' පුවත් පතේ ප්‍රධාන සිරස්තලය ලෙස වූවත් , ඊයේ දිනයේදී පුවත් පත් සිරස්තල කියවන මාධ්‍ය වැඩසටහන් ‍රැසක් මෙම පුවත කියැවීමෙන් වැලැකී සිටීයේය. මේ පිළිබඳ අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ හමුදාවේ වැරදි ගැන කතා කිරීමට මෙම මාධ්‍යවේදින් තවමත් බියකින් පසු වීම නිසා මේ සිදුව ඇති බවය.

පසුගිය රාජපක්ෂ සමයේදී මෙවැනි තත්වයක් තිබුණු අතර ඊට අනුගතව කටයුතු කළ මාධ්‍යවේදින්ට තවමත් ඒ වහල් මානසිකත්වයෙන් මිදීමට නොහැකි වීම කණගා‍ටුදායක තත්වයකි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us