සන්නද්ධ අරගලයක් වෙනුවෙන් පෙනී සිටි ඉන්දික ගුණවර්ධන අභාවප්‍රාප්තවේ

Published in පුවත්
Monday, 14 September 2015 12:20

හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයෙකුවන ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඉන්දික ගුණවර්ධන මහතා, දිනේෂ් ගුණවර්ධන සහ ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන්ගේ වැඩිමහල් සහෝදරයකු වන අතර එම පවුලේ වැඩිමහල් සහෝදරයා කොළඹ හිටපු නගරාධිපති ප්‍රසන්න ගුණවර්ධනය.

 ඒ මහතා ශ්‍රී ලංකා කොමියුන්ස්ට් පක්ෂයේ නායකයකු මෙන්ම ‍රැඩිකල් අදහස් දරූවකු ලෙසද ප්‍රකටය. අසූව දශකයේදී සාමාජවාදී විප්ලවය සඳහා ආයුධ සන්නද්ධ අරගලයක් වෙනුවෙන්ද උත්සහ ගත්තෙකි. 71 අරගලයට සම්බන්ධ වූ හා 83 පක්ෂ තහනමෙන් පසුව ඉවත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයන් පිරිසක්ද (ජවිපෙ නව ප්‍රවණතාවය), ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වූ 'සමාජවාදී ජනතා ව්‍යාපාරය' හා උතුරේ ප්ලොට් සංවිධානයද  සමඟින් ගොඩනැගූ එම ව්‍යාපාරය අසාර්ථක වීමෙන් පසුව 'රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩු අංක 1' (1987)යනුවෙන් ඉන්දික ගුණවර්ධන මහතා හා පිරිසකට එරෙහිව ප්‍රකට නඩුවක්ද ක්‍රියාත්මක විය.චුදිතයන් 44 ක් විය. ඒ අතර වත්මන ගත් කතුවරයකු ලෙස ප්‍රකට ජයතිලක ද සිල්වා මහතාද විය.  එමෙන්ම රොහන විජේවීර මහතාට අතිශය සමීපව සිටි එස් එම් කුමාරසිංහ නොහොත් කිරි මහත්තයාද වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ නායකයන් වු ගුණසේන ඩයස්, පොලියර් ගුණවර්ධන ද විය. මෙහි පළමු චුදිතයා වූයේ ජවිපෙන් වෙන් වූ ප්‍රකට චරිතයක් වන ගීගනගේ චන්දසිරි නොහොත් අසේල නොහොත්  'සමන්ත'ය.

 

ඒ කෙසේ නමුත් ඉන්දික ගුණවර්ධන මහතා ඇමැතිධුරය හෙබවූ චන්ද්‍රිකා යුගයේදි ඔහුගේ දේශපාලනයද පිහිහුණු අතර ඇමැතිවරයකු ලෙසද අසාර්ථක විය. න්දික ගුණවර්ධන මහතාගේ පියා ප්‍රකට වාමාංශික දේශපාලකයකු වූ බොරළුගොඩ සිංහයා නමින් හැඳින්වූ  පිලිප් ගුණවර්ධන මහතාය. මව තවත් ප්‍රකට වාමාංශික දේශපාලඥවරියක වූ කුසුමා ගුණවර්ධනය.

Last modified on Monday, 14 September 2015 12:43

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us