මේ සම්බන්ධ නඩුව අළුත්කඩේ අංක 09 අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී තිලකරත්න ඩිල්ෂාන් වසර 2012/13 කාලයේදී රුපියල් මිලියන 150ක පමණ මුදලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයාගෙන ඇතැයි ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ නිලධාරිනිය විසින් අධිකරණයේදී පැවසුවාය.
කෙසේවුවද ඩිල්ෂාන්ගේ නීතීඥවරයන් අධිකරණයට දන්වා සිටියේ එතරම් මුදලක් ඩිල්ෂාන් උපයා නොමැති බවයි. ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ.
තිලකරත්න ඩිල්ෂාන් හා ඔහුගේ වත්මන් බිරිඳ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් මිලියන ගනනක් වැය කළ බවද වාර්තා වී තිබිණි.
කොහොම නමුත් තමුන්ට පහසු හැකියාවක් තිබියදී තමන්ට ජාතක වූ දරුවාට නඩත්තු මුදල නොගෙවා කර අරින මේ කෝටිපති තාත්තාට මඩ හැරෙන්නට ගැසිය යුතු වෙන යමක් තිබේ නම් ඒ අසූචිය.