ගෝඨා සමඟ 'මිනිස් ජාවාරම' කළ ඇබට් මෙවර පරදී

Published in පුවත්
Tuesday, 15 September 2015 08:58

ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් ලිබරල් පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්දෙයන් මනාප 44ක් ලබාගෙන පරාජයට පත්ව ඇත. ඔහුගේ ඇමැති මණ්ඩලයේ මැල්කම් ටර්න් බුල් ඡන්ද 54ක් ද ලබා ටෝනි ඇබට්ට වඩා ඉදිරියෙන් සිටියි.

ටෝනි ඇබට් 2013 වසරේ ඕස්ට්‍රෙලියානු මහ මැතිවරණයෙන් ජය ගන්නේ ඕස්ට්‍රෙලියාවට පැමිණෙන සරණාගතයන්ගේ ප්‍රශ්නය දඩමීමා කර ගෙනය. සරණාගතයන් වැඩි වශයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණීම එරටට විශාල ප්‍රශ්නයක් වූ අතර ඊට එරෙහි සටන් පාඨය ඇබට් විසින් ගෙන තිබිණි. මේ සරණාගත ප්‍රශ්නය කෘතිමව ගොඩ නැංවූවක් බව දැන ගෙන හිටියේ ටෝනි ඇබට් සහ ඒවකට මෙරට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂත් බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දවිතාරත් ඔහුගේ ගෝල බාලයන් දෙතුන් දෙනෙකුත් පමණි. 2012 වසරේ සිට මෙරට සරණාගතයන් ඕස්ට්‍රෙලියාවට පැටවූයේ මෙම පිරිස විසිනි. ඇබට් ගේ ජයග්‍රහණයත් සමඟ මේ මිනිස් ජාවාරමද නැවතිනි.

මහා පරිමාණ මිනිස් ජාවාරමක් වූ මෙයින් අති විශාල මුදලක් මොවුන් උපයා ගත් අතර එම සරණාගත ප්‍රශ්නය හේතු කොට ගෙන ඇබට් අගමැති වීමෙන් පසුව මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් මෙරටට චෝදනා එල්ල වෙද්දී ටෝනි ඇබට් රාජපක්ෂ වරුන්ගේ පැත්තේ හිට ගත්තේය.

ඒ කෙසේ නමුත් ඉදිරියේදී නව අගමැතිවරයා ලෙස ටර්න් බුල් දිවුරුම් දීමට නියමිත අකර 2013ට පසු ඕස්ට්‍රේලියාවට පත් වූ සිව් වැනි අගමැති ඔහුය. ටර්න් බුල් නීතීඥ වරයෙකු සහ ව්‍යාපාරිකයෙකු ද වෙයි.

2008, 2009 දී විපක්ෂයේ සිටි ලිබරල් පක්ෂයට නායකත්වය දුන් ටර්න් බුල්, ඇබට් විසින් පරාජය කැරුණේ එක ඡන්දයකිනි.

ඇබට් චෝගම් සමුලුව සඳහා පැමිණි අවස්ථාව

ABBOTT-RAJAPAKSA-CHOGM

 

Last modified on Tuesday, 15 September 2015 09:19

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us