බොක්සිං දා සුනාමි හෙනය ගොඩ ගැලූ දවසේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව, ජාති කුල සහ ආගම් භේද නොතකා එකිනෙකාට පිහිට වීමට බැලූහ. එහෙත් එවැනි ජාතික ආපදාවක් ඉදිරියේ අපේ වෙනස්කම් ඉවතලෑමට ඉදිරිපත් වූ අප, එම ව්‍යසනයේ රැළි බැස යනවාත් සමගම එසේ ඇති කරගත් සහයෝගීතා හැඟීම අමතක කළ සෙයක් පෙනුණි.

"අවුරුදු තිහක් තිබුණ යුද්ධය කවුරු හිටියත් මම ඇවිත් අවුරුදු තුනෙන් යුද්ධය ඉවර කළා. ඔය හමුදා නිළධාරීන් හමුදාපතිවරුන් ඒ කාලෙත් හිටියනේ. එයාලට කරගන්න බැරි උනානේ. එයාලත් අලුතෙන් ආපු අය නොවෙයිනේ. ඒත් අද මම මොකඳ කරන්නේ. මම දුක්වෙනවා මේ යුද්දේ ඉවරකීරීම සම්බන්ධයෙන්, මොකටද මම ඇවිල්ල මේක ඉවරකළේ. ඒක ඉවර කරපු නිසානේ මේ කරදර. තව ඉදිරියට තව කරදර එනවනේ. හයිබ්‍රිඩ් උසාවිය වලට ගිහිනුක් යුද්ධය අවසන් කළේ ඇයි කියලා උත්තර දෙන්න ඔන."

නයිජීරියාවේ හිටපු තානාපති, ව්‍යාපාරික ,ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක, ඒ .එස්. පි. ලියනගේ මහතාට බස්නාහිර පළාත් ආන්ඩුකාර පදවිය ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහුට නැවත වතාවක් නයිජීරියාවේම තානාපතිධුරය ලබා දීමට යන බවට මාධ්‍ය වාර්ත පලවී තිබුණද ලියනගේ මහතා බස්නාහිර ආණ්ඩුකාර පදවිය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහුගේ හිතවතුන් පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර නොහොත් නන්දසේන විජේවීර මහතා අත් අඩංගුවට ගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම මහතාගේ බිරිඳ, ශ්‍රී ලංකා රජයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇත. මේ වෙනුවෙන් පසුගිය දා ඇය පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් බාර දීමට ගිය අතර එහිදී ඇගෙන් කට උත්තරයක් ලබා ගැනිමෙන් පසුව පොලිස්පති එන්.කේ.  ඉලංගකෝන් මහතා ඇයට උපදෙස් දී ඇත්තේ එය කොළඹ අපරාධ කොට්ඨාෂයට පැමිණිල්ලක් කරන ලෙසය. මේ අනුව ඇය කොළඹ අපරාධ කොට්ඨාෂයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබේ.

ටිරාන් අලස් පත්තර මුදලාලිට අයත් මව්බිම පුවත් පතේ අද දින 'අක්මීමන සිඟිත්තියකුත් කෙලෙස මරා දමලා'යනුවෙන් පළ කර ඇති පුවත මිට වසරකට පෙරවූ සිදු වීමක් බව මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදි හෙළි විය.

උතුරේ ජනතාවගේ ගැටළු විසඳුම වෙනුවෙන් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකදී, වත්මන් ව්‍යවස්ථාවේ පවතින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වන බලතල ඉක්මවා නොයන විසඳුමකට තම පක්ෂය එකඟ බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා අගමැතිවරයාට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලයේ රනවක මහතා හා එම පක්ෂය පළාත් සභා ක්‍රමයට එරෙහි මතයක සිටියේය.

රක්නා ලංකා සමාගමට නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව ගිනි අවි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන පරීක්ෂණයේදි සනාත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාව අත් අඩංගුවට ගැනෙනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යන එක නැවැත්තුවේ වත්මන් රජය යැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (17) විදේශ කටයුතු අමත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us