ඉන්දීය කොවිඩ් එන්නත ගෙන්වීමට රජය සියල්ල සුදානම්

Published in පුවත්
Wednesday, 13 January 2021 10:41

ජනවාරි 26 වැනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාව නිෂ්පාදනය කරන ලද ‘ඇස්කා සෙනිකා’ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව කොවිඩ් එන්නත් ගෙනඒම සඳහා පත් කළ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය රජය මෙම එන්නත 16වනදා සිට ඉන්දීය වැසියන්ට ලබා දෙන අතර ජනවාරි 26 වැනිදා සිට වෙනත් රටවලට අපනයනය කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම එන්නත මෙරටට ලැබීමෙන් පසු ජනතාවට එන්නත ලබාදීම සදහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බව වාර්තා වේ. එම සැලසුම් වලට අනුව දිවයින පුරා සෞඛ්‍ය ආයතන 1050 පිහිටා ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන නිසා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථාන 4000ක් ස්ථාපිත කෙරේ.

යම් හෙයකින් එන්නත අසාත්මිකතාවකට පත් වූ පුද්ගලයෙකු හට ඉක්මන් ප්‍රතිකාර සදහා මෙම ස්ථානයේ ඇඳන් මෙන්ම ගිලන් රථද සූදානම් කර තැබීමට බලාපොරොත්තු වන බවයි සදහන් වන්නේ.

‘‘ඇස්කා සෙනිකා’ එන්නත මාත්‍රා දෙකක් එක් පුද්ගලයකුට ලබාදීමට නියමිත අතර ඒ සඳහා එන්නත් සිලින්ජර් ලක්ෂ 26ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර තිබේ. කෙසේ හෝ මෙම ද්‍රව්‍ය සායනික අපද්‍රව්‍ය වන බැවින් විනාශ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමටද රජය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us