අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ.

මෙවර මහමැතිවරණයේදී ඡන්ද දායකයින් වඩාත් අවධානයෙන් සිය ඡන්දය භාවිත කළ යුතු බවත් පරම්පරාගත දේශපාලනය අවසන් කළ යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවූ බරපතළම සිද්ධිය ලෙස කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාව හැදින්විය හැකි බව කැෆේ සංවිධානය පවසයි. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවත් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට පොලිසිය වගබලා ගත යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කීවේය.

ව්‍යාජ උපන්දින සහිත උප්පැන්න සහතික සකස් කර රාජ්‍ය ලේඛන සම්බන්ධයෙන් වංචාවක් කිරීමත්, වරදක් බව දැන දැන ම එම ලෙඛන පාවිච්චි කිරීමත් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හා ඔහුගේ බිරිඳවන ශෂී වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ අවසන් කර එම ලිපි ගොනුව නීතිපතිවරයා එත භර දී තිබේ.

රාජපක්ෂගේ ත්‍රස්තවාදී හෙවණැල්ල යළිත් දකින්නට ලැබුණ බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපිලා රට සාමකාමීව ඉදිරියට යද්දී එදා පැවැති සුදු වෑන්වල සෙවණැලි ඉදිරියට ගෙනවිත් ත්‍රස්තවාදය වපුරන්න හදන බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික් එජනිස කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ජනතාවට විහිළු සැපයීමේ අරමුණින් සකස්වූවක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක ‍රැස්වීම් වේදිකාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31)දින එක් වී සිටියේය.

අද ඇසළ පුන් පොහොය දිනයේ දී නවගත්තේගම ප්‍රදේශයේ සිල් සමාදන් වූ පිරිසකට පිරිත් පොත් සමග මැතිවරණ අත්පත්‍රිකා බෙදූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවන් සිව්දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us