ජාතික කොඩිය ඔසවා යාපනයේ ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කළ තමාට හා පවුලේ අයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු නිවෙසටම පැමිණ තර්ජනය කළ බවට යාපනය සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අරුලානන්දම් අරුල් සිද්ධාර්ථන් ඊයේ (16දා) චුන්නාකම් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.

මෙරටට අවේණික කෲඩියා සෙලනිකා ගස ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේනවා.

ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

බස් රථවල ගමන් කිරීමේදී මුදල් වෙනුවට මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ් පතක් ( Transit Card ) මගින් ප්‍රවේශපත්‍ර මිලට ගැනීමට සහ ඒ වෙනුවෙන් විද්‍යුත් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

වටිනාකම රුපියල් කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයෙන් පසු ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රතිඥාවක් ලබාදී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ ලබන 23 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය අවසන් වනතුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, අදාළ විභාගයට හා සම්බන්ධ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා , විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පළ කිරීම ද ලබන 23 වැනිදා සිට තහනම් කෙරේ. එම තහනම කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යංශය සදහන් කරන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ සිදු කිරීමට සැලසුම්කර තිබේන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us