Safe & Secure සහතිකය ලත් සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්
කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ හෝටල් සහ සේවා සපයන්නන් සඳහා "Safe & Secure" සහතිකය ලබාදීමට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය කටයුතු කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද (18) දින වාර්තා කරනු ලැබීය.
දළදා පරිශ්‍රයේ පොලිස් නිලධාරීන් 4කට කොරෝනා ! මාලිගාවේ දෛනික තේවාවන් අඛණ්ඩව !
දළදා මාලිගා පරිශ්‍රයේ ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
බූස්ස සතොස තොග සංස්ථාවේ කළමණාකරුගේ වැඩතහනම් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන නියමකර තිබේනවා.
මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී ඇත.
කොරෝන වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ දුර ගමන් සේවා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කල බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දිනකට විදෙස් සංචාරකයන් 2550ක් දක්වා මෙරටට ගෙන්වීමට පියවර
දිනකට විදෙස් සංචාරකයන් 2550ක් දක්වා මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් එළැඹෙන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමට රජය කටයුතු සංවිධානය වාර්තා වේ.
නෝර්වේහි මේ වන විට අනුමැතිය ලැබී ඇති ප්‍රධානම එන්නතක් වන ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත ලබාදුන් වියපත් පුද්ගලයන් 30කට ආසන්න සංඛ්‍යාවක් එම එන්නත ලබා ගැනීමෙන් පසුව මරණයට පත් වී ඇති බව වාර්තා වෙනවා.

